ඇමරිකාවේ කැලිෆෝනියාවේ ඔරේන්ජ් ප්‍රාන්තය ආශ්‍රිත අහසේ අද්භූත දීප්තිමත් ආලෝකයක් දිස්වූ බව එහි වැසියෝ කියති.
එම ආලෝකය දිස්වී එහා මෙහා ගමන් කළ බවත් ඔරේන්ජ් ප්‍රාන්තය හා ඒ අවට ප්‍රදේශවල පසුගිය සෙනසුරාදා දිස්වූ බවත් විදෙස් පුවත් සේවා පවසයි. මෙහි මූලාරම්භය ගැන හදිසියේ සිදුකළ විවිධ වැරදි මතවාද අන්තර්ජාලය හරහා ප්‍රචාරයවූ බවත් කියති.
ඔරේන්ජ් ප්‍රාන්ත ප්‍රධානියා කියනුයේ එම ආලෝකය කැලිෆෝනියා සමුද්‍ර තීරයේ සිදුකළ නාවික හමුදාවේ පුහුණු වෙඩි ප්‍රහාර හේතුවෙන් ඇතිවූවක් බවයි.
මෙය ඇමරිකාවේ යුද හමුදා ක්‍රියාකාරකමක් හේතුවෙන් ඇතිවූවක් බව ගුවන් ආරක්ෂක නිලධාරීන් අනුමාන කරයි.
අන්තර්ජාලයේ පළවූ එහි වීඩියෝ පටවල දිස්වූයේ දීප්තිමත් ගිනිදැල් ඉහළට නගින ආකාරයයි. ඒවායේ ප්‍රමාණය වැඩිවීමට පෙර කේතු හැඩයේ දීප්තිමත් නිල් පැහැ එළියක් මතුවී ඇත. වීඩියෝ පට වැඩි ප්‍රමාණයක එම ආලෝකය විනාඩි කිහිපයක් එක දිගට දිස්වන ආකාරය සටහන්වී තිබේ.
ඇමරිකාවේ සාමූහික ගුවන් තරණ පාලනාධිකාරිය (එෆ්ඒඒ) සිකුරාදා දිනයේ ප්‍රකාශ කළේ ලොස්ඇන්ජලීස් ගුවන්තොටුපළට රාත්‍රී කාලයේ යන එන යානා පැසිපික් සාගරයට ඉහළින් පියාසර කිරීමෙන් වළකින ලෙසයි.
කැලිෆෝනියා මාධ්‍ය තහවුරු කළේ එම ආලෝකය නාවික හමුදා සබ්මැරීනයක මිසයිලයකින් නිකුත්වූවක් බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියන් පියාඹන පීරිසියක් (බ)