IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කැලිෆෝනියා අහසේ අද්භූත එළියක්

ඇමරිකාවේ කැලිෆෝනියාවේ ඔරේන්ජ් ප්‍රාන්තය ආශ්‍රිත අහසේ අද්භූත දීප්තිමත් ආලෝකයක් දිස්වූ බව එහි වැසියෝ කියති.

එම ආලෝකය දිස්වී එහා මෙහා ගමන් කළ බවත් ඔරේන්ජ් ප්‍රාන්තය හා ඒ අවට ප්‍රදේශවල පසුගිය සෙනසුරාදා දිස්වූ බවත් විදෙස් පුවත් සේවා පවසයි. මෙහි මූලාරම්භය ගැන හදිසියේ සිදුකළ විවිධ වැරදි මතවාද අන්තර්ජාලය හරහා ප්‍රචාරයවූ බවත් කියති.

ඔරේන්ජ් ප්‍රාන්ත ප්‍රධානියා කියනුයේ එම ආලෝකය කැලිෆෝනියා සමුද්‍ර තීරයේ සිදුකළ නාවික හමුදාවේ පුහුණු වෙඩි ප්‍රහාර හේතුවෙන් ඇතිවූවක් බවයි.

මෙය ඇමරිකාවේ යුද හමුදා ක්‍රියාකාරකමක් හේතුවෙන් ඇතිවූවක් බව ගුවන් ආරක්ෂක නිලධාරීන් අනුමාන කරයි.

අන්තර්ජාලයේ පළවූ එහි වීඩියෝ පටවල දිස්වූයේ දීප්තිමත් ගිනිදැල් ඉහළට නගින ආකාරයයි. ඒවායේ ප්‍රමාණය වැඩිවීමට පෙර කේතු හැඩයේ දීප්තිමත් නිල් පැහැ එළියක් මතුවී ඇත. වීඩියෝ පට වැඩි ප්‍රමාණයක එම ආලෝකය විනාඩි කිහිපයක් එක දිගට දිස්වන ආකාරය සටහන්වී තිබේ.

ඇමරිකාවේ සාමූහික ගුවන් තරණ පාලනාධිකාරිය (එෆ්ඒඒ) සිකුරාදා දිනයේ ප්‍රකාශ කළේ ලොස්ඇන්ජලීස් ගුවන්තොටුපළට රාත්‍රී කාලයේ යන එන යානා පැසිපික් සාගරයට ඉහළින් පියාසර කිරීමෙන් වළකින ලෙසයි.

කැලිෆෝනියා මාධ්‍ය තහවුරු කළේ එම ආලෝකය නාවික හමුදා සබ්මැරීනයක මිසයිලයකින් නිකුත්වූවක් බවයි. 

webcalifornia_20151197912-ae2d-40b1-9423-2ee00b22d45fa webcalifornia_20151197912-ae2d-40b1-9423-ee00b22d45fa



අදහස් (0)

කැලිෆෝනියා අහසේ අද්භූත එළියක්

නිහාල් Tuesday, 10 November 2015 03:55 PM

රුසියන් පියාඹන පීරිසියක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 510 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site