ලෝක ප්‍රසිද්ධ රූපවාහිනී නිරූපණ ශිල්පිනීයකු වන කිම් කාඩේෂියන්ගේ වටිනා ආභරණ රැසක් පැරිස් නුවරදී පොලිස් ඇදුමින් සැරසුණු කොල්ලකරුවන් පිරිසක් විසින් සොරකම් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආයුධ සන්නද්ධව පැමිණි පස් දෙනෙකු ඇය නවාතැන් ගෙන සිටි කාමරයට පැමිණ මෙම සොරකම සිදුකර ඇති අතර ඇයට කිසිදු ශෘරීරික හානියක් කර නැත.සොරකම් කරන ලද ආභරණ වල වටිනාකම ඇමෙරිකා ඩොලර් මිලියන 11.2ක් පමණ වන බව වාර්තා වෙයි.සිදුවීමෙන් පැය කිහිපයකට පසු ඇය පෞද්ගලික ජෙට් යානයකින් නිව්යෝක් නුවර බලා පිටත්ව ගියාය.

මෙය අවාසනාවන්ත සිදුවීමක් බවත් මෙවන් අපරාධ කරන අයට බරපතල දඩුවම් ලබාදිය යුතු බවත් ප්‍රංශ විදේශ ඇමති ජීන් මාර්ක් ප්‍රකාශ කළේය.

481868694_kim-kardashian-zoom-10e8fb5f-d072-4bff-b89a-81b5bc01ae89