ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන කොලොම්බියාවේ නව ජනාධිපති ලෙස ගුස්ටාවෝ පෙට්‍රෝ ඊයේ (7) දිවුරුම් දුන්නේය. කොලොම්බියාවේ ජනාධිපති ධුරයට පත් පළමු වාමාංශික ජනාධිපතිවරයා වන්නේ පෙට්‍රෝ ය.

නව දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමට ජනාධිපති පෙට්‍රෝ ප්‍රතිඥා දුන් අතර, නිති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව අවධාරණය කළේය.

62 හැවිරිදි ගුස්ටාවෝ පෙට්‍රෝ, කොලොම්බියාවේ හිටපු කැරැලි නායකයෙකි. බොගෝටා අගනුවර නගරාධිපති ධුරය හෙබවූයේ ද පෙට්‍රෝය. ඔහු ජනාධිපති ධුරයට තේරී පත් වූයේ පසුගිය ජූනි මාසයේ පැවැති ජනාධිපතිවරණයෙනි.

(රොයිටර්)