කොලොම්බියාවේ බොගෝටා අගනුවර සිදුවූ මෝටර් රථ බෝම්බයක් පිපිරීමකින්  පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් 54 දෙනෙකු තුවාල ලබා ඇත.

මෙම සිදුවීම උදෑසන 9.30 ට නගරයට දකුණු ප්‍රදේශයේ පොලිස් අභ්‍යාස විද්‍යාලයක් ආසන්නයේ සිදු වී තිබේ.   

මෝටර් රථයේ රියදුරු 57 හැවිරිදි පුද්ගලයකු බව හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව කොලොම්බියා ජනාධිපතිව අයිවන් ඩූක් මහතා කීය.

 

(බීබීසී ඇසුරෙනි)

(63226)