දකුණු ආසියානු රටවල රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් කලාපීය සමුළුවක් පැවැත්වීම කෙරෙහි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අවධානය යොමු වී ඇත.
නව වසරට සුබ පැතුම් එක් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලි, භූතානයේ ජිග්මි කේසාර් නම්ජයාල් වොන්ග්චක් රජු, මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමද් සෝලි යන මහත්වරුන්ට සහ බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මියට දුරකතන ඇමතුම් දෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඒ බව දැනුම් දී ඇත.
ශ්‍රී ලංකාව, භූතානය, මාලදිවයින සහ බංග්ලාදේශය යන රටවල නායකයන්ට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දුරකතන ඇමතුම් ලබාදුන්නද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට හෝ ජනාධිපතිවරයාට හෝ දුරකතන ඇමැතුමක් දී නැතැයි ද ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.
දකුණු ආසියානු කලාපයේ නායකයන්ට දුරකතන ඇමතුම් දුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදි එරට “අසල්වැසියාට ප්‍රමුඛත්වය” යන විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එම නායකයන් දැනුවත් කර ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අනාගත කලාපීය සබඳතා සම්බන්ධයෙන් ද දකුණු ආසියානු කලාපයේ නායකයන් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර පාකිස්තානය නොමැතිව කලාපීය සමුළුවක් පැවැත්වීම සම්බන්ධයෙන් ද අදහස් දක්වා තිබේ.
“කලාපීය සාමය, ආරක්ෂාව, සහයෝගීත්වය, ප්‍රගතිය සහ සෞභාගත්වය යන කරුණු සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කලාපීය නායකයන් සමඟ සාකච්ඡා කළා. එහිදි ඉන්දියාවේ “අසල්වැසියාට මුල්තැන” ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එම නායකයන් දැනුවත් කළා” යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා 2014 වසරේ මැයි මාසයේදී අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් “අසල්වැසියාට මුල්තැන” ප්‍රතිපත්තිය ආරම්භ කළේය.
ද හින්දු ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd