හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ පරාජයට එෆ්.බි.අයි අධ්‍යක්ෂ ජේම්ස් කොමෙයි වගකිව යුතු බවට ඩිමොක්‍රටික් මැතිවරණ කමිටුව පවසයි.මැතිවරණයට දින 11ක් තිබියදී හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බව නිවේදනය කිරීමත් මැතිවරණ සමයේ එම පුවත මාධ්‍ය ඔස්සේ සාධාරණ නොවන අයුරින් ප්‍රචාරය කිරීමත් ඔහුට එල්ල වන චෝදනාවයි.

නමුත් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසනුයේ ක්ලින්ටන් හා ඇයගේ මැතිවරණ කමිටුව වරද භාරගත යුතු  බවයි.ඇගේ ඊ-මේල් ගැටලුව පරාජයට හේතු වූ බව බොහෝ දෙනාගේ මතයයි. හිටපු ජනපතිගේ උපදෙස් ප්‍රතික්ෂේප කිරීමත් ඇයගේ පරාජයට හේතුවූ බව ඇගේ පාක්ෂිකයෝ පවසති.

" ක්ලින්ටන් විස්කොන්සින්,මිචිගන් හා පෙනිසිල්වේනියා යන ජනපද මැතිවරණ ව්‍යාපාරයෙන් අතහැර දැමුවේ කෙසේද“ යැයි ඔවුහු විමසති. මැතිවරණ සමයේ එක්වරක්වත් ඇය විස්කොන්සින් වෙත ගොස් නැති බව කියති.

අවසාන සතිය තුල ක්ලින්ටන්ගේ මැතිවරණ ව්‍යාපාරය කඩාවැටුනු බවත් එම සතිය තුළ ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය ඉතාමත් හොදින් සිදුවූ බවත් ඇගේ මැතිවරණ කමිටුවේ අධ්‍යක්ෂිකාවක් වන ජෙනිෆර් පල්මෛරි පවසයි.