අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පියාසර කළ නොහැකිව පැය ගණනාවක් ගුවන්තොටුපළේ නවතා තිබූ ගුවන්යානයක සිටි මගීන් සැනසීමට ඔවුන් වෙනුවෙන් පීට්සා ඇනවුම් කළ ගුවන් නියමුවෙක්  ගැන ඇමෙරිකාවෙන් වාර්තා වේ.

ඇමරිකාවේ ඩෙල්ටා ගුවන් සේවයට අයත් මෙම ගුවන්යානය ෆිලඩෙල්පියා සිට ඇට්ලැන්ටා බලා පියාසර කරමින් තිබූණක් වූ අතර ජෝර්ජියා ප‍්‍රාන්තයේ කාලගුණය හදිසියේ අයහපත්වීම නිසා එය සමනය වනතෙක් යානය ගොඩ බස්වා තබාගැනීමට සිදුවිය.

පැය ගණනාවක් බලා සිටියද කාලගුණය යහපත් වන අයුරක් පෙනෙන්ට නොතිබුණු නිසාද , මගීන් නොඉවසිලිමත් වෙමින් සිටි නිසාද යානයේ ප‍්‍රධාන නියමු තැන පාලක මැදිරිය හා සම්බන්ධව වී වෙනුවෙන් පිට්සා ඇනවුම්   කළේය. අනපේක්ෂිත ලෙස ලැබුණු පිට්සා තෑග්ගෙන් මගීන් කුල්මත් වුහ.

පියාසැරියට අවසරය ලැබුණු විට ගුවන්යානය නැවත ගුවන් ගතවිය.මගීන් ට්විටර් හා ෆේස්බුක් පණිවුඩ වලින් ගුවන් නියමුවාට හා ඩෙල්ටා ගුවන් සේවයට ස්තූතිය පළකළහ.

ඩෙල්ටා ගුවන්සේවය මේ ආකාරයට පිට්සා සත්කාරයේ යෙදුණු පළමු අවස්ථාව මෙය නොවන බවද සදහන් වේ.

2918786500000578-3098374-Pizza_pizza_A_baggage_cart_delivered_a_massive_Pizza_Hut_infusio-a-2_1432730926199 2918787200000578-3098374-Party_Another_passenger_shared_this_photo_from_his_flight_althou-a-20_1432684636965