IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කාලගුණ නරකින් බඩ පිරේ

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පියාසර කළ නොහැකිව පැය ගණනාවක් ගුවන්තොටුපළේ නවතා තිබූ ගුවන්යානයක සිටි මගීන් සැනසීමට ඔවුන් වෙනුවෙන් පීට්සා ඇනවුම් කළ ගුවන් නියමුවෙක්  ගැන ඇමෙරිකාවෙන් වාර්තා වේ.

ඇමරිකාවේ ඩෙල්ටා ගුවන් සේවයට අයත් මෙම ගුවන්යානය ෆිලඩෙල්පියා සිට ඇට්ලැන්ටා බලා පියාසර කරමින් තිබූණක් වූ අතර ජෝර්ජියා ප‍්‍රාන්තයේ කාලගුණය හදිසියේ අයහපත්වීම නිසා එය සමනය වනතෙක් යානය ගොඩ බස්වා තබාගැනීමට සිදුවිය.

පැය ගණනාවක් බලා සිටියද කාලගුණය යහපත් වන අයුරක් පෙනෙන්ට නොතිබුණු නිසාද , මගීන් නොඉවසිලිමත් වෙමින් සිටි නිසාද යානයේ ප‍්‍රධාන නියමු තැන පාලක මැදිරිය හා සම්බන්ධව වී වෙනුවෙන් පිට්සා ඇනවුම්   කළේය. අනපේක්ෂිත ලෙස ලැබුණු පිට්සා තෑග්ගෙන් මගීන් කුල්මත් වුහ.

පියාසැරියට අවසරය ලැබුණු විට ගුවන්යානය නැවත ගුවන් ගතවිය.මගීන් ට්විටර් හා ෆේස්බුක් පණිවුඩ වලින් ගුවන් නියමුවාට හා ඩෙල්ටා ගුවන් සේවයට ස්තූතිය පළකළහ.

ඩෙල්ටා ගුවන්සේවය මේ ආකාරයට පිට්සා සත්කාරයේ යෙදුණු පළමු අවස්ථාව මෙය නොවන බවද සදහන් වේ.

2918786500000578-3098374-Pizza_pizza_A_baggage_cart_delivered_a_massive_Pizza_Hut_infusio-a-2_1432730926199 2918787200000578-3098374-Party_Another_passenger_shared_this_photo_from_his_flight_althou-a-20_1432684636965

 



අදහස් (0)

කාලගුණ නරකින් බඩ පිරේ

රනිල් Friday, 29 May 2015 01:52 PM

එකට අපේ සේවය.....පිස තියා වතුරවත් නැතිව වරක් ......... යානයක් පැය 5 ක් විතර පමාවුණා. (කේ)

:       0       0

ගීත් Saturday, 30 May 2015 02:13 PM

රනිල්, කොස්වත්ත - නියම දෙන්නෙක් , මේක ධාවන පථයේ වුනේ,, උඹල දෙන්න ගුවන් තොටුපල ඇතුලේ පැය 5/15 හිටියේ , හොටෙල්ස් තියෙන්නේ සල්ලි ගෙවල කාපල්ලකො , ඔකොම නිකන් දෙනකම් ඉන්ව එපා බන් (බ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Saturday, 30 May 2015 04:45 PM

ඒ ඇමරිකාවේ ඩෙල්ටා ගුවන් සේවය, මේ අපේ ගුවන් සේවය. සමකරන්න පුලුවන්ද මේ රටවල් දෙකත්, ගුවන් සේවා දෙකත් ? අපේ අනිත් ගුවන් සේවය ගැන කුමන කතාද, ළමයිනේ ?(බ)

:       0       0

කමල් Saturday, 30 May 2015 08:13 AM

අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවය බඩ පුරවන්නේ ලොකු ලොක්කන්ගේ විතරයි. දැක්කනේ කෙනෙක් පොඩි කෙල්ලෝ එක්ක ගත්ත සැප. එ් සල්ලි වලින් ලංකාවටම පීසා දෙන්න තිබුනා. (බ)

:       0       0

රොෂාන් Sunday, 31 May 2015 02:55 AM

රනිල් සහ කොස්වත්ත ලිඳෙන් වතුර බිල ලිඳෙන් වතුර නාල ගඟට ආවඩන මිනිස්සු. 2011 ට කලින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට ආසියාවේ තිබුන හොඳම සේවයට හිමි සම්මානය ලැබුන අවුරුදු ගණනාවක සිට. නමුත් මෝඩ දේශපාල තීරණ නිසා 2011 සිට එන්න එන්නම පරිහානියට ලක් වුණා. එ්ක ගුවන් සේවයේ වැරද්දක් නෙමෙයි අපේ නුගත් දේශපාලකයන්ගේ වැරදි. 2011 ට කලින් මැදපෙරදිග ඉන්න ඉන්දියානු ජාතිකයින් ඉන්දියාවට යාමට සහ ඒමට අපේ ගුවන් සේවය භාවිතා කළා හොඳට කන්න බොන්න දුන්න නිසා. දැන් ඒ තත්වය වෙනස් වෙලා. මෝඩ දේශපාලන තීරණ නිසා (බ)

:       0       0

කොස්වත්ත Saturday, 30 May 2015 09:24 AM

රනිල්, මොනවද ඔය කියන්නේ රෝමයේ වරක් ......... යානයක් පැය 15 ක් විතර පමාවුණා, එතකොට දුන්නේ පරිප්පු (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1668 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site