විපතට පත්වූ එයාර් ඒෂියා ගුවන්යානයේ දැනට හමුව තිබෙන සුන්බුන් අතර වූ මළසිරුරු වලින් පළමුවැන්න පසුගියදා ඥාතීන්ට භාරදීම සිදුවිය.
මුස්ලිම් ජාතික තරුණියකට අයත් එම මළසිරුර ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටුපලේදීම ඉස්ලාම් ආගමානුකූලව කෙරුණු කෙටි ආශිර්වාදකිරීමකින් පසුව ඉක්මනින්ම මිහිදන් කෙරුණි.
තවත් මළසිරුරු 8 ක් හමුව තිබෙන අතර ඒවා ඩී.එන්.ඒ පරීක්ෂාවන්ගෙන් ගුවන්යානයේ ගමන්කළ මගීන්ගේම යැයි අනන්‍යතාව තහවුරු කරගත් පසු ඥාතීන්ට භාරදීමට කටයුතු කරන බව ඉන්දුනීසියා ගුවන් බලධරයින් කියයි.
යානයේ ගමන් කළ ඉතිරි 153 දෙනාගේ සිරුරු මේ වන විටත් හමුව නොමැත.
මේ දිනවල යානයේ සුන්බුන් හමුවූ බෝර්නියෝ දූපත ආසන්නයේ මුහුදු කලාපය අතිශයින් රළු ස්වභාවයක් ගන්නා හෙයින් සෙවුම් කටයුතු සිදුකිරීම අතිශයින් දුෂ්කර වී තිබේ. ගුවන්යානයට අයත් යැයි සැකකෙරෙන සැකිලි කොටසක් මුහුදු පතුලේ ඊයක් මෙන් ඇනී තිබෙන බව පැවසෙන අතර එහි ඉතිරි මළසිරුරු තිබෙන බවට විශ්වාස කෙරේ.
බලධාරීන් පවසන්නේ මේ කාලගුණය දිගටම මෙලෙසම පැවතියහොත් සුන්බුන් තවත් විසිරීම වැළැක්විය නොහැකි බවයි.යානයට ඇත්තටම සිදුවූයේ කුමක්දැයි අනාවරණය කරගැනීමට එහි කළු පෙට්ටිය සොයාගත යුතුව ඇතත් ඒ සඳහා තවත් සති දෙකක්වත් ගතවනු ඇතැයි ඔවුන් කියයි.
ගුවන්ගතවී විනාඩි 45 කින් පමණ අතුරදන්වූ මලයාසියාවේ එයාර් ඒෂියා ගුවන්සේවයට අයත්වූ මෙම එයාර් බස් වර්ගයට අයත් ගුවන්යානයෙන් ලැබුණු අවසන් පණිවුඩයෙන් කාලගුණය දරුණු හෙයින් යානය මදක් ඉහළින් පියාසර කිරීමට නියමුවා අවසර ඉල්ලා තිබේ. පණිවුඩය ඉන්දුනීසියා ගුවන්පාලක මැදිරිය වෙත ලැබී මිනිත්තු කිහිපයක් ගතවූ තැන යානය සමග සියලු සබඳතා ඇණහිට එය රේඩාර් තිරයෙන්ද මැකී ගොස් ඇත.
ගුවන්යානා විශේෂඥයින් පවසන්නේ නියමුවා යානය ඉහළට ගෙනයෑමේදී එය කුණාටුවකට හසුව හීයක් සේ තනි කෙළින් ඉහළ නගින්නට ඇති යැයි සැක කළ හැකි බවයි. මෙසේ ඉහළ නැගි නිසා යානයේ එන්ජින් කි‍්‍රයාවිරහිත වන්නට ඇතැයිද මෙනිසා නැග්ම අවසානයේ නැවත වරක් කුණාටු සුළං වලට හසුවන්නට ඇති යානය පොළවට වැටීමේදී නියමුවා කිසිවක් කරකියා ගතනොහැකිව අසරණ වන්නට ඇතැයිද ඔවුන් මත පළ කරයි.
කාලගුණය යහපත්වූ පසු නියම ආකාරයට දියත් කළ හැකිවනු ඇති මෙහෙයුම් වලින් සියල්ල අනාවරණය කරගැනීමට හැකිවනු ඇත.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාලගුණේ කරපු විනේ