පිපාසයෙන් පීඩිතව සිටීම නිසාදෝ නිනව් නොමැතිව වතුර බොමින් සිටි සිංහයෙකු ශබ්ද නොනගාම තමන් අසළට පැමිණි හස්තියෙකුගේ පාදයට හසුව කැලේ පොඩි නොවී අනූනවයෙන් ගැලවී පලා යනු බොට්ස්වානාවේ නැක්සායි තැන්නේදී දැකගත හැකිවිය.
සිංහයාගේ මුහුණ තිබුණේ දියවලෙහි සැඟවීය. ඒ නිසා අවට ශබ්ද ඇසුනේ නැතැයි සිතිය හැකිය.
හස්තියා ඈත සිට දියවලට කිට්ටු කළ අතර සිංහයා අසලටම පැමිණි හෙතෙම හරියටම සිංහයාගේ හිසට ඉහළින් තම දකුණු පය එසවූයේය. තවමත් සිංහයාට මේ ගැන වගේ වගක් නැත.
හස්තියා පාදය පහතට හෙළන්නට ගත්තා පමණි සිංහයා වහාම උඩ බැලීය. අන්තරාය වටහාගෙන වහාම එතැනින් පැන දිවූයේය.
එමෙම අපූරු සිදුවීම තම කැමරාවේ සටහන් කරගත් දකුණු අපි‍්‍රකා ජාතික ජෝන් බර්නාඩ් පවසන්නේ සිංහයා අවසාන මොහොතේදී උඩ නොබැලූයේ නම් අනිවාර්යයෙන්ම හස්තියාගේ පයට හසුව පොඩිව යන්නට ඉඩ තිබූ බවයි.පසුව හස්තියාද එම ස්ථානයෙන්ම දිය පානය කර නික්ම ගිය බව ඔහු කියයි.
![2A2A007A00000578-0-image-a-2_1435865144495[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A2A007A00000578-0-image-a-2_14358651444951.jpg)
![2A2A007E00000578-3147692-image-a-4_1435865652426[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A2A007E00000578-3147692-image-a-4_14358656524261.jpg)
![2A2A006600000578-0-image-a-3_1435865153778[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A2A006600000578-0-image-a-3_14358651537781.jpg)
![2A2A015700000578-3147692-image-a-7_1435865679421[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A2A015700000578-3147692-image-a-7_14358656794211.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝට්ස්වනාහි සිංහයා අලියාගෙන් බේරිලා පැනලා ගියාට,ලංකාවේ අලින්ගෙන් ගැළවෙන්න බැහැ (නි)
ඔයගොල්ලෝ ඔක්කොම හරි මෝඩයිනේ මේ අලියා සිංහයාගේ හොඳ යාලුවෙක් පොඩි තට්ටුවක් දලා බැලුවේ සිංහයාට මොකුත් අමාරුවක් ද කියලා (ම)
වන ජීවීන් කියන්නේ මිලකළ නොහැකි අගනා වස්තුවක්. (බ)
සිංහයා, හොඳටම මහළු පාටයි. ඒකයි පණ කඩාගෙන දුවන්නේ. (ර)
අලිඑහෙම තමයි. සද්ද නැතුව ඇවිල්ලා තමයි වැඩේ දෙන්නේ. සිංහයාට දැන් කැලෙත් මදි පණ කඩාගෙන දුවන්න. (නි)
අනේ මන්දා, මේකේ සමහරක්ගේ ප්‍රතිචාර දැක්කම හිතෙනවා කවදා නම් සැනසෙයිද කියලා (නදී)
අලි එහෙම තමා. කොටිත් එක්ක ඇවිල්ලා සද්ද නැතුව තමා කිතුල ගිලින්නේ. නමුත් කොටි කිතුල් කන්නේ නැති බව අලින්ට හැමදාමත් අමතක වෙනවා (නි)
ඉස්සර තමයි සිංහයා,සිංහනාදය පතුරවාගෙන ඔක්කෝම බයකරගෙන හිටියේ. (නි)
මමත් ඉන්නේ මෙහේ. මමත් මේ තැනට ගොස් තිබෙනවා (නි)
දැක්කාද අලියාගේ තිබෙන තේජස? පැරදිලා බයේ දුවන සිංහයා පිටුපසින් එළව එළවා නොගොස් බලා සිටිනා අපුරුව.හරිම ලස්සන දැක්මක්. (නි)
පව්! පිපාසයෙන් පීඩිතව වතුර ටිකක් බොන්න ආපු අසරණයා! අලියා හරිම නරක වැඩක් කරලා තියෙන්නේ. සද්දන්තයෙකුට කොහොමටත් නොහොබිනා වැඩක්. කුල්ලක් වගේ විශාල කන් දෙකකුත්,පොඩිම පොඩි ඇස් දෙකකුත් නැත්නම්,කුමකින් කුමක් වේදෝ! (නි)
එතකොට ෆොටෝ එකේ තියෙන්නේ ප්‍රීති ගේ දල දෙකද ? (නදී)
අනේ අපොයි!පොඩ්ඩක් මිස් වුණා නම් මහා විපතක්නේ වෙන්නේ. මේ දවස් වල කැලේ රජාට අලින්ගෙන් පුදුම අපලයක් තියෙන්නේ. මට මතකයි මීට ටික දවසකට පෙර මෙවැනිම පුවතකට වැටුන විශාල ප්‍රතිචාර ටික. (නි)
ලංකාවෙත් සිංහ පාට් දාගෙන සමහරු රජවෙන්න හැදුවාට අන්තිමට අලියා තමයි දිනුම්!!!! (නි)
ඔය කොච්චර පාට් දැම්මත් සිංහයා අලියට බයේ පැනලා ගියානේ (නි)
අලියාගෙ දළ දෙක කපලා නේද? දළ හොරු ඒ රටෙත් ඉන්නවා වගේ (නි)
රුවන්, ඔයා වගේ මෝඩයෙක්! (නි)
මේකා සිංහ වෙස්ගත් නරියෙක්ද කොහෙද? (නි)
ලඟටම ඇවිල්ලත් සිංහයාට මොකුත් කරගන්න බැරිවුණා. කීපාරක් අතට ගත්තු දෙය කටට දාගන්න බැරිවුණාද, අලින්ට ? (නදී)
මේ අලියාට වඩා ලංකාවේ අලි මොන තරම් ලස්සනද.. මෙයාට ගොඩක් වයස පාටයි සිංහයට වගේ...(ම)
සිංහයාට දැන් වයසලු, අවුරුදු හැත්තෑවක් වෙනවලු, වෙනදට නම් පිරිවර වටේම හිටියලු. දැන් වයස නිසා කවුරුවත් නැහැලු. මොනවා කරන්නද අලියත් ඉතින් පාට් දාන්න එන්නේ වයසක මටමනේ කියල දිව්වලු (නදී)
ඒ කියන්නේ අන්තිම මොහොතේ හරි සිංහයා නැගිටිනවා කියන එක තමයි .(හේ)
අන්ද අලියෙක් -මෝඩ සිංහයෙක් (ම)
පොදු සම්පත් පරිහරණයේදී සදාචාරවත් භාවිතයක් තියෙන්න ඕනෑ. යටි හිතේ යම් ලෝභ සහගත චේතනාවක් තිබුන නිසයි සිංහයා බොරු නිදි පාරක් දාන්න ඇත්තේ. කොහොමද වැරදිලා හරි මුව රංචුවක් හෝ හරක් රංචුවක් ආවනම්. කරුමෙට අලියෙක් ආවේ. එම හස්තියාද එම ස්ථානයෙන්ම දිය පානය කර නික්මයන්නට තරම් සාදාරන උනා. මෙහෙ අලින්ටත් යස පාඩම. (නදී)
මේ යන විදිහට සිංහයාට අඩත්තේට්ටම් වැඩි බව පේනවා. (නදී)
කැලේ සිංහයා නොවෙයි ,කිබුලා.(හේ)
මට පෙනෙන විදිහට නම් ඒ ඇස් පෙන්නේ නැති අලියෙක් වෙන්න ඇති. ඒකයි සිංහයා අනේ පව් කියල යන්න ගියේ. (නදී)