IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කල් තැබූ යුද අභ්‍යාස යළිත් - දකුණු කොරියාව කියයි

සෝල්හිදීය (රොයිටර්)
 
කල් දමන ලද ඒකාබද්ධ යුද අභ්‍යාස කඩිනමින් පවත්වන බව දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යවරයා අද (20) ප්‍රකාශ කළේය.  

 
ශීත ඍතු ඔලිම්පික් උළෙල හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව අතර පැවැත්වීමට නියමිතව තිබූ ඒකාබද්ධ යුද අභ්‍යාස කල් දැමීය. කල් දැමුණු එම යුද අභ්‍යාස පවත්වන දින සහ සැලසුම් අප්‍රේල් මාසයට පෙර නිවේදනය කරන බව දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යවරයා අද (20) කීවේය. 
 
ශීත ඍතු ඔලිම්පික් උළෙල සහ පැරා ඔලිම්පික් උළෙල  දකුණු කොරියාවේ මේ වනවිට පැවැත්වෙමින් තිබෙන අතර ඒවා අවසන් වීමට නියමිතව ඇත්තේ මාර්තු 18 වැනිදාය.  ශීත ඍතු ඔලිම්පික් උළෙල සහ පැරා ඔලිම්පික් උළෙල නිසා වාර්ෂිකව පවත්වන ඒකාබද්ධ යුද අභ්‍යාස කල් දැමීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟත්වය පළ කළේය. 
 
ඒකාබද්ධ යුද අභ්‍යාස කල් දැමීමට ගත් තීරණයට එකඟවීමත් සමඟ වසර දෙකකට පසුව උතුරු කොරියාව දකුණු කොරියාව හා සාකච්ඡා පැවැත්වීය. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ශීත ඍතු ඔලිම්පික් උළෙලට උතුරු කොරියාවෙන් කණ්ඩායමක් ද සහභාගී විය.  මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ජිම් මැටිස් සමඟ සාකච්ඡා කර කඩිනමින් ඒකාබද්ධ යුද අභ්‍යාස පවත්වන බව දකුණු කොරියානු විදේශ අමාත්‍ය සොන්ග් යන්ග් මූ පැවසීය.
 
“ඔලිම්පික් උලළේ ජීව ගුණය පවත්වාගෙන යෑම සඳහා අපි ඒකාබද්ධ යුද මෙහෙයුම් කල් දැමුවා. මාර්තු 18 වැනිදා ක්‍රීඩා උලෙළු දෙක අවසන් වීමට නියමිතයි. ඉන් අනතුරුව අපි ඉදිරි සැලසුම් නිවේදනය කරනවා. මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කළ යුතු” යැයි හෙතෙම කීය.
 
මේ අතර කල් දැමූ ඒකාබද්ධ යුද අභ්‍යාස පැවත්වුවහොත් පැත්තකට වී බලා නොසිටින බවට උතුරු කොරියාව අනතුරු ඇඟවීය. 
 
055

 



අදහස් (0)

කල් තැබූ යුද අභ්‍යාස යළිත් - දකුණු කොරියාව කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site