
දකුණු ඉන්දියාවේ ‘නීපා’ වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වූ බව කේරළ මහ ඇමැති පිනාරායි විජයන් මාධ්‍ය හමුවේ පැවැසීය.
කේරළයෙන් හමුවුණු ‘නීපා’ ආසදිතයන් ගණන 5 කි. මරණ ගණන 2 කි. ‘නීපා’ යනු වවුලන් සහ ඌරන් අතරේ පැතිරෙන, මනුෂ්‍යයන්ට ආසාදනය වන මාරක වයිරසයකි.
‘නීපා’ වයිරස පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වුවත්, ප්‍රාන්ත වැසියන් නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම්, ‘නීපා’ වයිරසයේ තවත් වසංගත රැල්ලක් නිර්මාණය වීමට ඉඩ ඇතැයි සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් මහ ඇමැතිවරයා අනතුරු අඟවා තිබේ.
‘නීපා’ වයිරසය හේතුවෙන් කේරළයේ වසා දැමුණු පාසල්, බැංකු සහ කාර්යාල යළි විවෘත කර ඇත්තේ සෞඛ්‍ය උපදෙස් අනුවය. ‘කොවිඩ් 19’ සමයේ මෙන් මුහුණු ආවරණ පැලඳීම, යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යෑම මගින් ‘නීපා’ වයිරසය මර්දනය කළ හැකි බව කේරළ සෞඛ්‍ය අංශ දිගින් දිගටම අවධාරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd