IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කේරළයේ ගින්නකින් 80ක් අළුවෙයි

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිද්ධස්ථානයක ඇතිවූ ගින්නකින් 80කට වැඩි පිරිසක් මරුමුවට පත්ව ඇතැයි විදෙස් ආරංචි කියයි.

අනතුරින් 200ක් පමණ තුවාල ලබා ඇතැයිද ඉන්දීය වාර්තා පවසයි.

දකුණු ඉන්දියාවේ කෙරළයේ පරාවූර් හි පුටිංගල් සිද්ධස්ථානයේ පැවැති ප්‍රධාන උත්සවයක් අතරතුර ගින්න හටගෙන ඇතැයිද එහි සිටි පිරිස ගිනිදැල්වලින් වෙලීගිය බවද එන්ඩීටීවී පුවත් සේවය කියයි.

සිද්ධස්ථානයට යාබද ක්‍රීඩාංගණයක 10,000 - 15,000 ක් අතර පිරිසක් සෙනසුරාදා රාත්‍රියේ සිට රැසව ගිනිකෙළි සංදර්ශන නරඹමින් සිට ඇත.

ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබූ හින්දු අලුත් අවුරුදු උත්සවයක් වෙනුවෙන් එහි ගෙනැවිත් තිබූ ගිනිකෙළි මතට අද (10) පෙරවරුවේ දල්වමින් තිබූ ගිනිකෙළි වලින් ඇතිවූ ගිනි පුළිඟු වැටීම හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි කියති.

සිද්ධියෙන් විපතට පත් පිරිස්වලට හා ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වල අයට  සිය ශෝකය ප්‍රකාශ කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවිඩයක්ද නිකුත් කැර ඇත.

temple-fire_650x400_81460257766kerala-temple-fire_650x400_51460258008



අදහස් (0)

කේරළයේ ගින්නකින් 80ක් අළුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site