ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිද්ධස්ථානයක ඇතිවූ ගින්නකින් 80කට වැඩි පිරිසක් මරුමුවට පත්ව ඇතැයි විදෙස් ආරංචි කියයි.

අනතුරින් 200ක් පමණ තුවාල ලබා ඇතැයිද ඉන්දීය වාර්තා පවසයි.

දකුණු ඉන්දියාවේ කෙරළයේ පරාවූර් හි පුටිංගල් සිද්ධස්ථානයේ පැවැති ප්‍රධාන උත්සවයක් අතරතුර ගින්න හටගෙන ඇතැයිද එහි සිටි පිරිස ගිනිදැල්වලින් වෙලීගිය බවද එන්ඩීටීවී පුවත් සේවය කියයි.

සිද්ධස්ථානයට යාබද ක්‍රීඩාංගණයක 10,000 - 15,000 ක් අතර පිරිසක් සෙනසුරාදා රාත්‍රියේ සිට රැසව ගිනිකෙළි සංදර්ශන නරඹමින් සිට ඇත.

ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබූ හින්දු අලුත් අවුරුදු උත්සවයක් වෙනුවෙන් එහි ගෙනැවිත් තිබූ ගිනිකෙළි මතට අද (10) පෙරවරුවේ දල්වමින් තිබූ ගිනිකෙළි වලින් ඇතිවූ ගිනි පුළිඟු වැටීම හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි කියති.

සිද්ධියෙන් විපතට පත් පිරිස්වලට හා ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වල අයට  සිය ශෝකය ප්‍රකාශ කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවිඩයක්ද නිකුත් කැර ඇත.

temple-fire_650x400_81460257766kerala-temple-fire_650x400_51460258008