පුද්ගලයන් 298ක් ජීවිතක්ෂයට පත්කරමින් කඩා වැටුණු එම්.එච්.17 යානයේ කළු පෙට්ටිය යුක්රේන කැරළිකරුවන් විසින් මලයාසියා බලධාරීන් වෙත භාර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්රේනයේ ඩොනෙට්ස් නගරයේ පැවති රැස්වීමක දී මෙය භාරදෙනු ලැබීය. කැරළි කණ්ඩායමේ නායක ඇලෙක්සැන්ඩර් බොරොදායි පවසන්නේ කළු පෙට්ටියේ දත්ත විමර්ශනයෙන් පසු සත්‍ය හෙළිවනු ඇති බවයි.
මලයාසියා ගුවන් සේවය පවසන්නේ ද කළු පෙට්ටිය ඉතා හොඳ තත්ත්වයේ පවතින බැවින් ඒ හා සම්බන්ධ විමර්ශන කටයුතු මගින් තොරතුරු රැසක් අනාවරණය කැරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුව කළු පෙට්ටිය කියන්නේ කළු එකක් කියල බලනකොට රතු එකක්නේ(අ)
නානායක්කාර, ඒව පටිගත කරන්නෙ බිම ඉඳං නෙමෙයි. යානය ඇතුලෙමයි. ඒ නිසා කලු පෙට්ටිය විනාශ උනොත් තොරතුරු ලබාගන්න බැහැ.(අ)
මේ කැරලි කාරයො හරිම යහපත් නේද ? හොදටම මහන්සි වෙලා මේක හොයාගෙන හොරාගෙ අමිමටම භාර දෙනව. (අ)
යානාව ඇතුළෙම පටිගත කරන්න හේතුව, හදිසි අවස්ථාවකදී බිම සමඟ තිබෙන පණිවිඩ හුවමාරුව බිඳවැටීමට පුළුවන් නිසයි. (නි)
කැරලිකාරයෝ කළු පෙට්ටිය දෙනවා කියන්නේ ඒගොල්ලෝ නෙමෙයිද මිසයිල ගහලා තියෙන්නේ? (නි)
මමත් මේ ලිපිය බලන්න හිතුවෙම කළු පෙට්ටිය කියන එක කොයි වගේ එකක්ද කියල දැනගන්න තිබුන ආසවටමයි. අජිත් කියනවා වගේ නමින් කලුපෙට්ටිය උනාට මේක කළු නැහැනේ අප්පා. (නදී)
නානායක්කාර, හොඳ අදහසක්. නමුත් ඔබ දන්නවද ගුවන් යානයේ සියලුම දත්ත ගොඩබිමට සම්ප්‍රේෂණය කරන්න කොපමණ විශාල දත්ත සම්බන්ධතාවක් අවශ්‍යද, ඒ සදහා කොපමණ වියදමක් දරන්න වෙයිද කියලා? (නි)
කවුරු මොනවා කිවුවත් පව් අහිංසක ජීවිත..... (නි)
ඕක කළු පෙට්ටියද කියලා හොඳින් පරීක්ෂා කරබලා ගන්න. නැත්නම් පස්සේ පුපුරයිද දන්නෙ නැහැ (නි)
අපේ අයත් එක බලන්න ගිහිල්ලද ? (අ)
මොකක්ද බොලේ අර දෙවෙනියට තිබෙන පින්තුරය? (අ)
අපරාදේ අහිංසක ජීවිත! (නි)
අහිංසක ජීවිත 298 ක් විනාශ කළ කැරලිකරුවන්ටම කළු පෙට්ටියත් විනාශ කරන්න ආපසු දෙන්න තිබුනේ ! (නි)
දැන් බලමුකෝ මොකක්ද කරන්නෙ කියලා (නි)
වැදගත් තොරතුරු රැසක් සොයාගත හැකිවේවි (නි)
ඉතා හොඳ දෙයක්. බලමු මොකද වෙන්නේ කියලා. (නි)
මහෙෂ්, මම කිව්වේ කළු පෙට්ටියේ රෙකෝඩ් වෙන ගමන්ම දත්ත සජීවීවම පොලවට ගෙන්න ගන්න ක්‍රමයක් ගැන. එතකොට කළු පෙට්ටියේ තියන තොරතුරු ඕනෑම වෙලාවක බලා ගන්න පුළුවන්. කළු පෙට්ටිය විනාශ වුනත් තොරතුරු පොලවේ තියනවා.(නදී)
මෙච්චර තාක්ෂන්යය් දිඋනු වෙලා තියෙදිත් ගුවන් යානයක් ගුවන් ගත වුන මොහොතේ ඉඳන් බිමට එනකන් කළු පෙට්ටියේ තියන දත්ත සජීවිව විදියටම ගුවන්ගමන් වලින් බිම ඉදන් පටිගත කර ගන්නවා නම් මෙච්චර දඟලන්නේ නැතුව මොකද වුනේ කියල හොයා ගන්න පුළුවන්. එහෙම කරා නම් එම්.එච්. 370 වට මොකද වුනේ කියල හොයා ගන්න තිබුණා.(අ)
දැන් ඉතින් ඔය මොනදේවල් වලින්වත් වැඩක් තියෙයිද? (නි)
මේ පාරනම් කෑල්ලක් හරි හම්බවුනා. (අ)