හැම්බර්ග්හිදීය (රොයිටර්ස්)

 
ඇන්ජෙලා මර්කෙල්ගේ ‘ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්’ පක්ෂයට නව නායකයකු පත් කරගැනෙන ඡන්ද විමසීම අද (7) පැවැත්වේ.
 
ඡන්ද විමසීමෙන් ජර්මානු චාන්සලර් මර්කෙල් වෙනුවට ‘ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්’ පක්ෂයට නව නායකයකු පත්කර ගැනෙන අතර නව නායකයා ජර්මනියේ නව චාන්සලර්වරයා ලෙස පත්වීම් ලැබීමට වැඩ ඉඩක් ඇතැයි පැවසේ.  
 
ඇන්ජෙලා මර්කෙල්ගේ සහාය ලබන ඇනාග්‍රෙට් ක්‍රම්ප් කරේන්බර් පක්ෂ නායක සටනේ ඉදිරියෙන් පසුවන්නීය. කරෙන්බර් දැනට පක්ෂයේ මහලේකම් ධුරය ද දරන්නීය. ඇයගේ ප්‍රතිවාදියා වී සිටින්නේ මර්කෙල්ගේ ද ප්‍රතිවාදියකු ද ෆ්‍රෙඞ්රිච් මර්ස්ය. 
 
දේශපාලන හිංසා සිදුකළ සියලු දෙනාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඇප වෙමින් ආරක්ෂාව ලබාදීමට මර්කෙල් ගත් පියවර මර්ස්ගේ විවේචනයට ලක්විය. හෙතෙම ඒ සම්බන්ධයෙන් මර්කෙල්ගෙන් ප්‍රශ්න ද කළේය. 
 
යුරෝපයේ විශාලතම ආර්ථිකය වන ජර්මනිය යුරෝපා සංගමයට දැනට වඩා වැඩි දායකත්වයක් දිය යුතු බව ද මර්ස් විශ්වාස කරයි. තමන් ඉදිරියේදී පක්ෂ නායකත්වයෙන් ඉවත් වන නමුත් චාන්සලර් ධුරයේ කටයුතු කරන බව ඇන්ජෙලා මර්කෙල් පසුගිය ඔක්තෝබර් මාසයේදී කීවාය. 
 
මැදපෙරදිග පවතින යුද ගැටුම් නිසා යුරෝපයට පැමිණෙන සංචාරකයන්ට  ජර්මනියේ දේශසීමා විවෘත කිරීමට ඇන්ජෙලා මර්කෙල් 2015 වසරේදී තීරණය කළේය. ඇගේ එම බෙදීමට ඇයගේ ‘ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්’ පක්ෂය තුළින්ම විරෝධය එල්ල විය. 
 
පක්ෂ නායකයා තෝරා ගැනෙන්නේ පක්ෂයේ කොංග්‍රස් සමුළුවේදීය. එහිදී පක්ෂයේ නියෝජිතයන් 1001 දෙනෙකුගේ ඡන්ද විමසා බලමින් නව නායකයා තෝරාගනී. 
 
‘ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික් යූනියන්’ පක්ෂයේ කොංග්‍රස් සමුළුව අද (7) ජර්මනියේ හැම්බර්ග් නුවරදී පැවැත්වීමට නියමිතය. ඡන්ද විමසීමෙන් ජයගෙන පක්ෂ නායකත්වයට පත්වන්නා 2021 පැවැත්වීමට නියමිත ජර්මානු මහ මැතිවරණයේදී ‘ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික් යූනියන්’ පක්ෂයේ ‘චාන්සලර්’ අපේක්ෂකයා වනු ඇත. 
 
 
055