(රොයිටර් ඇසුරිනි - 055)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මිය සැලැසුම් කර තිබූ පරිදි මෙම මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන බව වාර්තා වේ.
''අවාසනාවකට ඇයගේ කාලසටහන වෙනස් වුණා. ඒ නිසා ඇයට මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න වෙන්නේ නැහැ. එහෙත් ඇය ඉක්මනින් ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා" යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ගැරි රයිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මෙරට සංචාරය නිරත වී සිටින අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මේ වසර මැදදි ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබාදීම සඳහා නිරීක්ෂණ කටයුතුවල යෙදී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිස්ටීන් එනකොට රවීලා රනිල්ලා මෛත්‍රීලා ජනතාව විසින් ගෙදර ගිහිල්ල තියෙයී.
මුදල් ඇමති ගැන සැහීමකට පත්වෙන්න බැහැ කියල තිබුන නේද? එහෙනම් ඇයි ගමන කල්දාන්නෙ?
මෙයා අත්තටමනම් ඉන්න ඕන ප්‍රංශයේ හිර කුඩුවේ.