
දූෂණ චෝදනා එල්ල වීමත් ජනතා අප්‍රසාදය වර්ධනය වීමත් සමඟ ඔස්ට්‍රියානු චාන්සල් සෙබෙස්තියන් කුර්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
සෙබෙස්තියන් කුර්ස්, ඔස්ට්‍රියානු ජනතා පක්ෂය මෙහෙයවමින්, චාන්සල් ධුරයට පත් වූයේ 2017 වසරේදීය. කුර්ස්, ඔහුගේ සමීපතමයන් කීප දෙනකු හවුල් කර ගනිමින්, සිය ප්‍රතිරූපය නංවා ගැනීම සිදු කර තිබේ. ඒ, මාධ්‍ය එරට මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් හවුල් කර ගනිමිනි. මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට මුදල් ගෙවීම් කර ඇත්තේ මුදල් අමත්‍යාංශය හරහාය.
ජනතා මුදල් යොදා ගනිමින් ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වෙද්දී කුර්ස් සහ ඔහුගේ සමීපතමයන් සම්බන්ධයෙන් ඔස්ට්‍රියානු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ඇරැඹීය.
තමන් චාන්සල් ධුරයෙන් සමුගන්නේ තම පක්ෂය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටුණු නිසා යැයි සෙබෙස්තියන් කුර්ස් මාධ්‍ය හමුවේ පවසා ඇත. නව චාන්සල්වරයා ලෙස විදේශ අමාත්‍ය ධුරයේ කටයුතු කරන ඇලෙක්සැන්ඩර් ෂැලෙන්බර්ග් සුදුසු යැයි 35 හැවිරිදි කුර්ස් යෝජනා කර තිබේ. චාන්සල් ධුරයෙන් ඉවත් වුවත් තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවන බව කුර්ස් අවධාරණය කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ ලාබාලම පාලකයා වෙලා හිටියේ මෙයා තමයි.
ලංකාවේ ව්‍යවසායකයෝ එකතුවෙලා හොරා කනවා ,හැබැයි ඔහු ඉල්ලා අස් උනා ,ලංකාවේ අය දුම්මල ගහලා වත් එලවන්න බැහැ .මුන් මලහමත් යක්කු,කුම්භාණ්ඩයෝ වෙලා හොරකම් කල සල්ලි පස්සෙම ඉඳීවි.බලපල්ලා ඒ රටේ නීතිය මොකෙකුටවත් යට නැහැ .මෙහෙ නම් නිදොස් කොට නිදහස් .කොහොමද නීති වල වෙනස