
ඉන්දියාවේ ජනප්‍රිය නළුවකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ද වන ක්‍රිෂ්ණා කුමාර්ගේ තරුණ දියණිය, ටීෂා කුමාර් දිවි ගමනට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
20 හැවිරිදි වියෙහි පසුවුණු ටීෂා කුමාර් දිගු කාලයක් තිස්සේ පිළිකා රෝගයකින් පීඩා විදි තැනැත්තියකි.
ටීෂා කුමාර්, ඉන්දියාවේ විශාලතම සංගීත චිත්‍රාගාරය ලෙස සැලකෙන 'ටී සීරීස් ' සභාපති භූෂන් කුමාර්ගේ ඥාති සොහොයුරිය ද වූවාය.
පිළිකා රෝගී තත්ත්වය උත්සන්න වී ටීෂා ප්‍රතිකාර ලබමින් සිටියේ ජර්මනියේය. ඇය දිවියෙන් සමුගත්තේ පසුගිය 18 වැනිදා යැයි හින්දුස්ථානි ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd