IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කුරුල්ලාගේ මුල් පුරුකට තටු හතරක්

වත්මන් කුරුල්ලන් පරිනාමය වන්නට ඇත්තේ අදින් වසර කෝටි 12ට පෙරාතුව ගුවනේ ඉගිල ගිය පියාපත් හතරක ඩයිනෝසරයකුගෙන් විය හැකි යැයි පර්යේෂකයෝ කියති. ඔවුන් මේ බව ප්‍රකාශ කරන්නේ චිනයේ ලියෝනින් ප්‍රාන්තයෙන් සොයාගත් ඩයිනෝසර පොසිලයක් අධ්‍යයනය කිරීමෙනි.

ඇඟපුරාම හොදින් වැඩුණු පිහාටු සහිත මේ ඩයිනෝසරයා චන්ග්‍යුරැප්ටර් ලෙස නම්කැර ඇත. දිගින් අඩි හතරක් හා බර කිලෝ ග්‍රෑම් හතරක් පමණ වන මේ සත්ත්වයාට හොඳින් වැඩුණු පියාපත් හතරක් හා දිගැති වලිගයක් තිබී ඇත.

ඉතා පහසුවෙන් ගුවනේ පියඹා යාමටත්, පහසුවෙන් හා සුරක්ෂිතව යළි පොළොව මතට බැසගැනීමටත් මේ පියාපත් හතර උපකාරී වන්නට ඇතැයි පර්යේෂකයෝ කියති. ඩයිනෝසරයන් අතර දිගැති වලිගයක් ඇති තරමක් කුඩා මයික්‍රොරැප්ටෝරියා ඝනයට අයත්වන මේ සත්ත්ව විශේෂයේ පිටුපස පියාපත් දෙක වඩාත් හොඳින් හා ශක්තිමත්ව වැඩී තිබුණු බවත් එය පසුකාලීනව පාද දෙකක් ලෙස පරිනාමය වන්නට ඇති බවත් පර්යේෂකයන්ගේ මතය වී තිබේ.

චන්ග්‍යුරැප්ටර් ඉගිලීමට විශේෂ සමත්කමක් දක්වන්නට ඇතැයි ආචාර්ය අලාන් ටර්නර් සඳහන් කරයි. මයික්‍රොරැප්ටෝරියා ඝනයේ කුඩාම ඩයිනෝසරයකු ලෙස සැළකිය හැකි මේ සත්ත්වයාගේ ශරීරයේ සැකැස්ම අනුව ඉතා හොඳින් පරිසරයට ඔරොත්තු දීමේ හැකියාව ද තිබෙන්නට ඇතැයි වාර්තා වේ.

දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් සිදුකළ මේ අධ්‍යයනයේ ප්‍රධානී ආචාර්ය ලුයිස් චිආප් පවසන්නේ මයික්‍රොරැප්ටෝරියා සතුන්ගේ වලිගයේ පිහාටු වර්ධනය වීමෙන් ඉගිලෙන චන්ග්‍යුරැප්ටර් ඩයිනෝසරයාට ඉතා හොඳ වල්ගයක් ද ලැබී තිබෙන බවයි.

‘‘ ඩයිනෝසරයන්ගේ ක්‍රමික පරිනාමයකින් කුරුල්ලන් ඇති වූ බවට මෙය ඉතා හොඳ සාක්ෂියක්. “ යැයි ආචාර්යවරයා වැඩිදුරටත් පවසයි.

article-2693255-1FA9E4B000000578-232_634x384

article-2693255-1FA91B6200000578-719_634x389 - Copy

article-2693255-1FA9E4B400000578-252_634x399

 

 



අදහස් (0)

කුරුල්ලාගේ මුල් පුරුකට තටු හතරක්

සාරංග Saturday, 19 July 2014 08:00 AM

පරිණාමවාදය බොරුවක් කියල ඔප්පු කෙරුවට පස්සෙත් මේ වගේ දේවල් කියල වැඩක් නෑ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site