වත්මන් කුරුල්ලන් පරිනාමය වන්නට ඇත්තේ අදින් වසර කෝටි 12ට පෙරාතුව ගුවනේ ඉගිල ගිය පියාපත් හතරක ඩයිනෝසරයකුගෙන් විය හැකි යැයි පර්යේෂකයෝ කියති. ඔවුන් මේ බව ප්‍රකාශ කරන්නේ චිනයේ ලියෝනින් ප්‍රාන්තයෙන් සොයාගත් ඩයිනෝසර පොසිලයක් අධ්‍යයනය කිරීමෙනි.

ඇඟපුරාම හොදින් වැඩුණු පිහාටු සහිත මේ ඩයිනෝසරයා චන්ග්‍යුරැප්ටර් ලෙස නම්කැර ඇත. දිගින් අඩි හතරක් හා බර කිලෝ ග්‍රෑම් හතරක් පමණ වන මේ සත්ත්වයාට හොඳින් වැඩුණු පියාපත් හතරක් හා දිගැති වලිගයක් තිබී ඇත.

ඉතා පහසුවෙන් ගුවනේ පියඹා යාමටත්, පහසුවෙන් හා සුරක්ෂිතව යළි පොළොව මතට බැසගැනීමටත් මේ පියාපත් හතර උපකාරී වන්නට ඇතැයි පර්යේෂකයෝ කියති. ඩයිනෝසරයන් අතර දිගැති වලිගයක් ඇති තරමක් කුඩා මයික්‍රොරැප්ටෝරියා ඝනයට අයත්වන මේ සත්ත්ව විශේෂයේ පිටුපස පියාපත් දෙක වඩාත් හොඳින් හා ශක්තිමත්ව වැඩී තිබුණු බවත් එය පසුකාලීනව පාද දෙකක් ලෙස පරිනාමය වන්නට ඇති බවත් පර්යේෂකයන්ගේ මතය වී තිබේ.

චන්ග්‍යුරැප්ටර් ඉගිලීමට විශේෂ සමත්කමක් දක්වන්නට ඇතැයි ආචාර්ය අලාන් ටර්නර් සඳහන් කරයි. මයික්‍රොරැප්ටෝරියා ඝනයේ කුඩාම ඩයිනෝසරයකු ලෙස සැළකිය හැකි මේ සත්ත්වයාගේ ශරීරයේ සැකැස්ම අනුව ඉතා හොඳින් පරිසරයට ඔරොත්තු දීමේ හැකියාව ද තිබෙන්නට ඇතැයි වාර්තා වේ.

දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් සිදුකළ මේ අධ්‍යයනයේ ප්‍රධානී ආචාර්ය ලුයිස් චිආප් පවසන්නේ මයික්‍රොරැප්ටෝරියා සතුන්ගේ වලිගයේ පිහාටු වර්ධනය වීමෙන් ඉගිලෙන චන්ග්‍යුරැප්ටර් ඩයිනෝසරයාට ඉතා හොඳ වල්ගයක් ද ලැබී තිබෙන බවයි.

‘‘ ඩයිනෝසරයන්ගේ ක්‍රමික පරිනාමයකින් කුරුල්ලන් ඇති වූ බවට මෙය ඉතා හොඳ සාක්ෂියක්. “ යැයි ආචාර්යවරයා වැඩිදුරටත් පවසයි.

article-2693255-1FA9E4B000000578-232_634x384

article-2693255-1FA91B6200000578-719_634x389 - Copy

article-2693255-1FA9E4B400000578-252_634x399