නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදී මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී වෙඩි තැබීමේ චෝදනාවට ලක්වූ පුද්ගලයා මනුෂ්‍ය ඝාතන චෝදනා 50ක් සිදු කිරීම් චෝදනා විභාගයට පෙනී සිටීම සඳහා හෙට (5) අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව නවසීලන්ත පොලිසිය අද (4) සඳහන් කළේය.
වෙඩි තැබීම් කළ ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරැන්ට්ට මීට පෙර එල්ල වී තිබුණේ එක් චෝදනාවක් පමණි. මාර්තු 15 වැනිදා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදී මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී ඔහු කරන ලද වෙඩි තැබීමෙන් 50 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ.
මීළඟ නඩු වාරය සඳහා බ්‍රෙන්ටන් ටැරැන්ට් ක්‍රයිස්ට්චර්ච්හි මහ අධිකරණයට අද (5) ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අනුව ඔහුට තිබෙන චෝදනා අලුත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව වෙඩි තබා මනුෂ්‍ය ඝාතන කිරීම සම්බන්ධයෙන් චෝදනා 50ක් සහ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා 39ක් ඔහුට එරෙහිව ගොනු කරන බව නවසීලන්ත පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
28 හැවිරිදි වියේ පසුවන ටැරැන්ට් විඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටිනු ඇතැයි වාර්තා වේ. ඔහු මේ වනවිට ඕක්ලන්ඩ්හි බන්ධනාගාරයක රඳවා සිටින අතර ඔහුට දැඩි ආරක්ෂාවක් ලබා දී ඇත.
මේ අතර විත්තිකරුගේ ඡායාරූප ගැනීම සහ ඔහු රූගත කිරීම මාධ්‍යයට තහනම් කිරීමට ද අධිකරණය පියවර ගෙන ඇත.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික වීරයෙක්.
මගේ කෝණයෙන් නිර්භීත පුරුෂයෙක්..
Nuwan … එතකොට ඔහු නිර්භීත පුරුෂයකු වෙන්නේ මුස්ලිම් සංක්‍රමණිකයන්ට පමණක් විරුද්ධ වුනෝතින්ද? සිංහල ඇතුළු සමස්ත සංක්‍රමණිකයන්ටම විරුද්ධ වුණාම බියගුල්ලෙක්ද? මාර අදහස්නේ ලියන්නේ... ඒ මනුස්සයා... මනුස්සයා නෙවෙයි තිරිසනා ශිෂ්ට ලෝකෙට නම් දුෂ්ටයෙක්...
ලෝකයේ වීරයෝ අඩුයි. නෝන්ජල් අය වැඩියි. කාලෙකින් දැක්ක නියම වීරයෙක්...
එහෙම බැලුවාම ඔස්ට්‍රලියානු ජාතික ඇඩෙල් බාලසිංහම් කියන කාන්තාව කොටි සංවිධානයේ මුවාවෙන් කරපු මනුෂ්‍ය ඝාතන දහස් ගානකට වග කියන්න ඕනා. සයනයිඩ් කරල බෙල්ලේ පලන්දලා අවරුදු 12 විතර උතුරේ පුංචි ළමුන් කීදෙනෙක් ඇය බඳවා ගත්තාද? ඔවුන් සියල්ලම අද අවාසනාවන්ත ලෙස මිය ගොසින්. මේවා කතා කරන්න තවම ප්‍රමාද නැහැ.