දකුණු කොරියාවේ පැතිරෙමින් තිබෙන මැදපෙරදිග ස්වසන රෝගය ඉතා සංකීර්ණ තත්ත්වයක් බව ලොක් සෞඛ්‍ය සංවිධානය පවසයි.
කොරියාවේ සෝල් අගනුවර පිහිටි එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් කියා සිටියේ මේ රෝගය දකුණු කොරියාවේ විශාල වශයෙන් පැතිරීයාමේ අවදානමක් නොමැති බවයි.
එම සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් කෙයිජි ෆුකුඩා පවසන්නේ මැයි 20 දා සිට මේ දක්වා දකුණු කොරියාවේ දී මේ රෝගයට ගොදුරු වූ පුද්ගලයන් 138ක් සොයාගත් බවයි. ඉන් 14 දෙනකු මියගියහ. රෝගය කොරියාවට පැමිණියේ මැදපෙරදිග සංචාරයක යෙදුණු කොරියානු ව්‍යාපාරිකයකුගෙන් බව තහවුරු වී යැයි ද හෙතෙම පවසයි.
මැදපෙරදිග ස්වසන රෝගය හේතුවෙන් ලෝකය පුරා 800ක් පමණ පිරිසක් මේ වනවිට මියගියහ. ෆකුඩා පැවසුවේ මෙම රෝගය පාලනය සඳහා දකුණු කොරියාව ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන සතුටු වන බවයි. රෝගය වළක්වාගැනීම සඳහා දකුණු කොරියාවේ 4000ට වැඩි පිරිසක් නිරෝධායනයට ලක්කැර ඇත.
අද (13) තවත් රෝගින් 12 දෙනෙක් අළුතින් සොයා ගැණිනි. එයින් එක් පුද්ගලයෙක් වන්නේ රෝගය වැළදුනු පුද්ගලයෙක් රැගෙන ගිය ගිලන් රථ රියදුරෙකි.
රෝගයෙන් අවසන් වරට මියගොස් ඇත්තේ 67 හැවිරිදි කාන්තාවකි. ඇය 14 වැනි මරණයයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙම රෝගයෙන් මියගොස් ඇති සියළුම දෙනා වයෝවෘද්ධ වූවන් හෝ වෙනත් රෝගී තත්වයකින් පෙළෙමින් සිටනා අය බවයි.
මර්ස් රෝගයද පැතිරෙන්නේ කොරෝනා වයිරසයකින් එනම් සාර්ස් රෝගය හටගන්නා වයිරස් පවුලේ සාමාජිකයෙක්ගෙන් වුවත් සාර්ස් රෝගයට වඩා මර්ස් රෝගය මාරාන්තිකය. සාර්ස් තරම් පහසුවෙන් මර්ස් පැතිරෙන්නේ නැත. ගැටළුව වන්නේ මේ සඳහා තවමත් කිසිදු ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති වීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd