දකුණු කොරියාව සමඟ ඒකාබද්ධව පිහිටුවා තිිබූ සන්නිවේදන මධ්‍යස්ථානය පුපුරුවා හැරීමට උතුරු කොරියාව කටයුතු කර තිබේ.
එය කේසොන්ග් දේශසීමා නගරයේ පිහිටා තිබුණි.
කොරියානු දේශ සීමාවේ යුධ ක්‍රියාමාර්ග පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමෙන් පැය කිහිපයකට පසු මෙම පුපුරුවා හැරීම සිදු වී ඇත.
දෙරට අතර තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා 2018 වසරේදී මෙම මධ්‍යස්ථානය පිහිිටුවනු ලැබීය.
කොරොනා වසංගතය හේතුවෙන් ජනවාරි මාසයේ සිට මෙම මධ්‍යස්ථානය වසා තැබුණි.
දෙරට අතර සාමය ගොඩනැඟීමේ සංකේතයක් ලෙස එය හඳුන්වනු ලැබීය.
දකුණු කොරියාවේ සිට උතුරු කොරියාවට බැලූන මඟින් උතුරු කොරියානු විරෝධී අත්පත්‍රිකා යැවීම දෙරට අතර මතභේදකාරී තත්ත්වය උග්‍ර වීමට හේතු විය.
(බීබීසී ඇසුරෙනි)
-226-

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd