කොරියානු අර්ධද්වීපයේ යුද්ධයක් ඇති වන්නේ නැතැයි දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් අද (17) ප්‍රකාශ කළේය.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන්වලට එරෙහිව ඇමෙරිකාව දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් තීරණ ගැනීමට හා ප්‍රතිචාර දැක්වීමට දකුණු කොරියාවට හැකියාවක් ඇතැයි ද මූන් ජායි ඉන් ජනාධිපතිවරයා පැවැසීය.
“කොරියානු යුද්ධයේ සුන්බුන්වලින් පසුව කොරියාව නැවත ගොඩනැගීම සඳහා සෑම දකුණු කොරියානුවෙක්ම වෙහෙස මහන්සි වී කටයුතු කළා” යැයි ජනාධිපතිධුරයේ ප්‍රථම දින 100 අවසානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් දකුණු කොරියානු ජනාධිපතිවරයා කීවේය.
“ඕනෑම පිරිවැයක් යටතේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට මා කටයුතු කරනවා. එම නිසා යුද්ධයක් ඇති නොවන බව සෑම දකුණු කොරියානුවෙක්ම විශ්වාස කළ යුතුයි. මට ඒ විශ්වාසය අවශ්‍ය” යැයි ද හෙතෙම කීය.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් හේතුවෙන් ජාත්‍යන්තරය තුළ අවිනිශ්චිත හා මතභේදාත්මක තත්ත්වයක් උද්ගත විය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සියල හත් වරක් උතුරු කොරියාවට සම්බාධක පැනවීය.

(ඒ.එෆ්.පී 055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd