බටහිර මහා රාෂ්ට්‍රයේ නෂික් හිදී (මුම්බායි සිට කිලෝමීටර් 171 ක් දුරින් පිහිටියේය) ඇස් අදහාගත නොහැකි සිද්ධියක් සීසීටීවී ආරක්ෂක කැමරාවක සටහන් විය.
තුන් හැවිරිදි දැරියක කාරයකට යටවිය. ලොකුම පුදුමය නම් දැරියගේ ජීවිතය බේරීමයි. පසුගිය ජූනි 18 වැනිදා මේ පුදුම සහගත සිද්ධිය වීඩියෝ ගත කෙරිණි.
ජොයා නම් දැරිය ඇගේ මවට පියවර පිටුපසින් ගමන් කරන්නීය. සුදු කාරයකට ඇය යටවන්නීය. ඉදිරිපස ටයර් දෙකකට දැරිය යටවූ පසු කාරය නවත්වයි. බියටත් පුදුමයටත් පත් මිනිස්සු ජොයා රෝහලට රැගෙන යති. මව යම් ගොඩනැගිල්ලකින් එළියට පැමිණ තම තුන් හැවිරිදි දියණිය ගැන කිසිදු සෙවිල්ලක් නැතිව ගමන් කරයි. දියණිය අම්මා පසුපස දිව යන්නීය. මාර්ගයේ නවතා තිබූ රථය පනගන්වන එහි රියදුරා රථය ඉදිරියට ගනිද්දී මව පසුපස දිවයන දැරිය රථයට යටවෙයි. දැරියගේ කෑ ගැසීමත් සමග තම දියණිය මතක්වන අම්මා දිව එනවිට දැරිය රථයට යටවී සිටින්නීය.වෛද්‍යවරුන් පැවසූයේ කාරයේ බර කුමක් වුවත් දැරිය පුදුම සහගත ලෙස බේරී ඇති බවයි. ඇයගේ අක්මාව හා වකුගඩුවලට තුවාල සිදුවී ඇත. ඇය වහා සැත්කමකට භාජනය කෙරිණි. දැරියගේ මවගේ නොසැලකිල්ල මේ අනතුරට හේතුව බව බොහෝ දෙනෙක් කියති.
(එන්.ඩී.ටී.වී අනුග්‍රහයෙනි)
2025 නොවැම්බර් මස 04
488
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2229
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාරයට යටවූ පුංචි බබා බේරෙයි
එස්.එස්.එස්. Thursday, 16 July 2015 01:43 PM
මේ කිලි පැටික්කි අම්ම පසු පස්සේ දුවනවා. අම්මගේ නොසැලකිල්ලෙන් සහ වාහනයේ රියදුරාගේ නොසැලකිල්ල නිසා අනතුරට භාජනය වෙන්නේ. වීඩියෝ එක බලන්න . (ස)
ආරියසේන Friday, 17 July 2015 02:27 AM
දරුවට බුදු සරණයි. ඇත්තටම වැඩිහිටියෝ කරණ වැරදි නිසා අපේ දරුවෝ කොච්චර අපට අහිමි වනවාද. බලන්න ඒ ළමයාගේ මව දරුවාගේ ආරක්ෂාව ගැන සිතුවද. අද කොච්චර මේ වගේ අය සමාජයේ ඉන්නවද. මම දවසක් වීල් එකක් ලග සිටින විට කුඩා දරුවකු ඒ වීල් එකේ නිදාගෙන ඉදල එක පාරටම නැගිටල දිව්වා. මම පැනල ඒ ළමයා අල්ලගත්තෙ නැත්නම් ළමයා ඉවරයි. නූලෙන් වාහනයකින් බේරුනේ. පස්සේ බලන විට තාත්තා ළමයා නිදි නිසා වාහනේ තියල කඩේ ගිහින්. ඒ වගේම සිදුවීමක් පසුගිය 15 වන දින නගරයේ සිදුවුනා. එදා බලන කොට අවුරුදු තුනක පමන ළමයකු වීල් එකක හොදටම නිදි මම දන්න නිසා පොඩ්ඩක් එතන ඉදල වැඩිහිටියෝ ගැන හොයල බලන කොට අඩි සිියයක් පමන දුරින් කඩේක ඉන්නවා එයාලට හොදටම මම දොස් කියලයි ආවේ. මේ වගේ දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා තමයි අපේ අහිංසකයො අකාලයේ දුක් විදලා මැරෙන්නේ. ඒක නිසා ගෙදරදීත් මහ මග යනකොටත් අදුරන හෝ අදුරන් නැති අය සමග ළමයි යවන කොටත් වාහන වල ළමයි තියල යන කොටත් කල්පනාවෙන් කටයුතු කරන්න. (නදී)
ජයසිරි විජේරත්න Friday, 17 July 2015 02:33 AM
රිය අනතුරු වලින් වැඩිහරියක් සිදුවන්න්‍ෙ පදිකයන්ගේ නොසැලකිල්ලෙන්. මම දින කීපයක්ම පොඩි සමීක්ෂණයක් කළා. කිලෝමීටර පහක් පමණ දුරක් පයින් යන ගමන් පාරෙ දකුණු පැත්තෙන් යන ගණනයි වම් පැත්තෙන් යන ගණනයි ගණන් කළා. ඒ හැම දිනකම වාගේ වම් පැත්තේන් ගිය ගණන දකුණු පැත්තෙන් ගිය ගණනට වඩා වැඩියි. (නදී)
කමල් පානදුර Thursday, 16 July 2015 03:41 PM
අම්මා ගැනයි ,රියැදුරු ගැනයි හිතෙන ඒවා මේකේ ලියන්න බැහැ.බුදුසරණයි කෙලි පැටියාට! (නි)
රූපවතී Friday, 17 July 2015 05:27 AM
මෙය දුටු දවසේ මට දවසම සිත එකලස් කරගන්න බැරි මහා පුදුම අපහසුවක් දැනුනා. මොකද මගෙත් වසර දෙකක දියණියක් ඉන්නවා.මම මගේ ඇස් දෙකටත් වඩා මගේ දියණියව බලාගන්නේ. දෙවි රැකවරණයි ඒ දරුවා නිරෝගී වේවා! (නි)
ධම්මික Saturday, 18 July 2015 07:28 AM
පින් කරපු රත්තරන් පැටියෙක් (අ)
චතුරි Thursday, 16 July 2015 05:16 PM
දරුවා අතින් අල්ලන්නේ නැත්නම් දරුවා තමන්ගේ ඉදිරියෙන් ගමන් කරවන්න ඕනෑ, තමන්ට අල්ලගන්න පුළුවන් තරම් ළඟින්. (නි)
සෙනෙවි Friday, 17 July 2015 10:02 AM
මේ දරුවා මවගෙන් නීතියෙන් වෙන්කර දරුකමට හදා ගැනීමට දරුවන් නැති කරුණාවත්ත පවුලකට ලබාදිය යුතුයි කියා මට සිතෙනවා (නි)