බටහිර මහා රාෂ්ට්‍රයේ නෂික් හිදී (මුම්බායි සිට කිලෝමීටර් 171 ක් දුරින් පිහිටියේය) ඇස් අදහාගත නොහැකි සිද්ධියක් සීසීටීවී ආරක්ෂක කැමරාවක සටහන් විය. 

තුන් හැවිරිදි දැරියක කාරයකට යටවිය. ලොකුම පුදුමය නම් දැරියගේ ජීවිතය බේරීමයි. පසුගිය ජූනි 18 වැනිදා මේ පුදුම සහගත සිද්ධිය වීඩියෝ ගත කෙරිණි. 

ජොයා නම් දැරිය ඇගේ මවට පියවර පිටුපසින් ගමන් කරන්නීය. සුදු කාරයකට ඇය යටවන්නීය. ඉදිරිපස ටයර් දෙකකට දැරිය යටවූ පසු කාරය නවත්වයි. බියටත් පුදුමයටත් පත් මිනිස්සු ජොයා රෝහලට රැගෙන යති. මව යම් ගොඩනැගිල්ලකින් එළියට පැමිණ තම තුන් හැවිරිදි දියණිය ගැන කිසිදු සෙවිල්ලක් නැතිව ගමන් කරයි. දියණිය අම්මා පසුපස දිව යන්නීය. මාර්ගයේ නවතා තිබූ රථය පනගන්වන එහි රියදුරා රථය ඉදිරියට ගනිද්දී මව පසුපස දිවයන දැරිය රථයට යටවෙයි. දැරියගේ කෑ ගැසීමත් සමග තම දියණිය මතක්වන අම්මා දිව එනවිට දැරිය රථයට යටවී සිටින්නීය.වෛද්‍යවරුන් පැවසූයේ කාරයේ බර කුමක් වුවත් දැරිය පුදුම සහගත ලෙස බේරී ඇති බවයි. ඇයගේ අක්මාව හා වකුගඩුවලට තුවාල සිදුවී ඇත. ඇය වහා සැත්කමකට භාජනය කෙරිණි. දැරියගේ මවගේ නොසැලකිල්ල මේ අනතුරට හේතුව බව බොහෝ දෙනෙක් කියති.

(එන්.ඩී.ටී.වී අනුග්‍රහයෙනි)