තිළිණි ද සිල්වා
කොරියානු ජනරජයේ හා කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජයේ නායකයන් අතර පැවැති අන්තර්-කොරියා හමුවේදී දෙරටේ නායකයින් පන්මුන්චොම් ප්‍රකාශනය සම්මත කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රසාදය පළ කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
එසේම එම හමුවීම කොරියානු අර්ධද්වීපයේ සාමය, සෞභාග්‍ය හා එක්සත්වීම උදෙසා වූ හමුවක් යැයි එම කොරියානු නායක හමුව සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය නිකුත් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
ඉකුත් මස 27 වැනි දින කොරියානු අර්ධද්වීපයට තිරසර සාමය හා සෞභාග්‍යය උදාකර ගැනීමත් කළ හැකි පරිදි සිදු කෙරෙන න්‍යෂ්ටිකහරණය සඳහා සංවාදය, රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ විශ්වාසය ගොඩනැංවීම ඔස්සේ ඉදිරියට යෑම අරමුණු කර ගනිමින් එම ප්රටකාශනයෙන් එකඟ වූ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනු ඇතැයි ලංකාව බලාපොරොත්තු වන බවද එම නිවේදනයේ දැක්වේ.
එසේම ලබන ජූනි 12 වැනි දින සිංගප්පූරුවේදී පැවැත්වීමට අපේක්ෂිත ඇමෙරිකා එක්සත් ජනපදයේ හා කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජයේ නායකයන් අතර හමුවේදීත් පන්මුන්චොම් නායක හමුවේදී හිමි කරගත් ජයග්‍රහණ ඉදිරියට ගෙන යනු ඇතැයිද ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යංශ කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙට ශෝ දාන්න යනවා. ඒ වුණාට තමන්ගේ රටේ හමුදාව පාවා දෙනවා. ජාතිය ආගම වනසනවා. මොකටද ඔහොම නායකයන්.