IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කොරියා සම්මුතිය ගැන ලක් රජයේ ප්‍රසාදය

තිළිණි ද සිල්වා  
 
කොරියානු ජනරජයේ හා කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජයේ නායකයන් අතර පැවැති අන්තර්-කොරියා හමුවේදී දෙරටේ නායකයින්  පන්මුන්චොම් ප්‍රකාශනය සම්මත කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රසාදය පළ කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

 
එසේම එම හමුවීම කොරියානු අර්ධද්වීපයේ සාමය, සෞභාග්‍ය හා එක්සත්වීම උදෙසා වූ හමුවක් යැයි එම කොරියානු නායක හමුව සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය නිකුත් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
 
ඉකුත් මස 27 වැනි දින කොරියානු අර්ධද්වීපයට තිරසර සාමය හා සෞභාග්‍යය උදාකර ගැනීමත් කළ හැකි පරිදි සිදු කෙරෙන න්‍යෂ්ටිකහරණය සඳහා සංවාදය, රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ විශ්වාසය ගොඩනැංවීම ඔස්සේ ඉදිරියට යෑම අරමුණු කර ගනිමින් එම ප්රටකාශනයෙන් එකඟ වූ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනු ඇතැයි ලංකාව බලාපොරොත්තු වන බවද එම නිවේදනයේ දැක්වේ.
 
එසේම ලබන ජූනි 12 වැනි දින සිංගප්පූරුවේදී පැවැත්වීමට අපේක්ෂිත ඇමෙරිකා එක්සත් ජනපදයේ හා කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජයේ නායකයන් අතර හමුවේදීත් පන්මුන්චොම් නායක හමුවේදී හිමි කරගත් ජයග්‍රහණ ඉදිරියට ගෙන යනු ඇතැයිද ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යංශ කියා සිටී.



අදහස් (1)

කොරියා සම්මුතිය ගැන ලක් රජයේ ප්‍රසාදය

Gihan Tuesday, 15 May 2018 03:09 PM

ලෝකෙට ශෝ දාන්න යනවා. ඒ වුණාට තමන්ගේ රටේ හමුදාව පාවා දෙනවා. ජාතිය ආගම වනසනවා. මොකටද ඔහොම නායකයන්.

:       67       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 742 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site