දකුණු කොරියා රජයේ ප්‍රතිපත්ති වලින් එරට ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වන බව පවසමින් සෝල් අගනුවර දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ විරෝධතාවට දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටිති.
රැළියේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිස් නිළධාරින් 18,000 ක් යොදවා තිබූ බව ද පැවසේ.
දකුණු කොරියාවේ කම්කරු නීති වෙනස් කිරීමට සහ එරට ඉතිහාසයට සම්බන්ධ පෙළ පොත්වල විශාල පාලනයක් කිරීමට රජය කර ඇති සැලසුම් වලට විරුද්ධ වන බව විරෝධතාවට එක්වු පිරිස් කියා සිටිති.
විරෝධතාකරුවන් කියා සිටින්නේ නව කම්කරු නීති මගින් ධනවාදය තරවන බවයි. මේ හේතුවෙන් මහා වැඩ වර්ජනයක් එරට ඇතිවීමට වැඩි ඉඩක් පවතින බවද විචාරකයෝ කියති.
පසුගිය මාසයේදී ද මෙවැනිම විශාල විරෝධතාවක් සෝල් නුවර පවත්වනු ලැබිණි.
නොවැම්බර් 14 දින රැළිය මෙහෙයවු කොරියානු වෘත්තීය සමිති සංවිධානයේ ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණයක් වරෙන්තුවක් නිකුත්කර ඇත. ඔහු සෝල් නගරයේ බෞද්ධ විහාරස්ථානයක ආරක්ෂාව පතා සැඟව සිටින බව කොරියා අාරක්ෂක අංශ පවසයි.
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරියා රජයට එරෙහිව ජනයා වීදි බසිති