දකුණු කොරියා රජයේ ප්‍රතිපත්ති වලින් එරට ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වන බව පවසමින් සෝල් අගනුවර දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ විරෝධතාවට දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටිති.
රැළියේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිස් නිළධාරින් 18,000 ක් යොදවා තිබූ බව ද පැවසේ.
දකුණු කොරියාවේ කම්කරු නීති වෙනස් කිරීමට සහ එරට ඉතිහාසයට සම්බන්ධ පෙළ පොත්වල විශාල පාලනයක් කිරීමට රජය කර ඇති සැලසුම් වලට විරුද්ධ වන බව විරෝධතාවට එක්වු පිරිස් කියා සිටිති.
විරෝධතාකරුවන් කියා සිටින්නේ නව කම්කරු නීති මගින් ධනවාදය තරවන බවයි. මේ හේතුවෙන් මහා වැඩ වර්ජනයක් එරට ඇතිවීමට වැඩි ඉඩක් පවතින බවද විචාරකයෝ කියති.
පසුගිය මාසයේදී ද මෙවැනිම විශාල විරෝධතාවක් සෝල් නුවර පවත්වනු ලැබිණි.
නොවැම්බර් 14 දින රැළිය මෙහෙයවු කොරියානු වෘත්තීය සමිති සංවිධානයේ ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණයක් වරෙන්තුවක් නිකුත්කර ඇත. ඔහු සෝල් නගරයේ බෞද්ධ විහාරස්ථානයක ආරක්ෂාව පතා සැඟව සිටින බව කොරියා අාරක්ෂක අංශ පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd