උතුරු හා දකුණු කොරියා දේශසීමාවේ රොබෝ බළකායක් ස්ථාපිත කිරීමට දකුණු කොරියා ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
මැෂින් තුවක්කුවකින් හා ග්‍රෙනේඩ විදිනයකින් මෙම රොබෝවන් සන්නද්දව ඇත.
ඒවායේ ඇති තාප හා චලන සංවේදක වලින් සැතපුම් 2 ක් පමණ දුරක සිටින සතුරු ඉලක්කයක් පවා වහා හදුනාගත හැකියැයි සඳහන්ය.
ප්‍රහාර එල්ල කිරීමට රොබෝවාට මිනිස් සහය අවැසි වන අතර ප්‍රහාර එල්ල කිරීම සිදුකළ යුතුවීම හො නොයුතුවීම තීරණය කිරීමේ අයිතිය ඇත්තේ මිනිසාටය.
මිනිස් හමුදා භටයින් දිගු කාලයක් මුර රාජකාරියේ යොදවා තිබීමෙන් ඔවුන් හට වෙහෙස දැනීමත්, ඇතැම් අවස්ථාවන්හි ඔවුන් නොදැවත්වම රාජකාරිය කරමින්ම නින්දට යෑමත් නිසා මෙවන් රොබෝවන් ආධාරයෙන් ඔවුන් මත පැටවෙන බර අවම කර වැඩි ආරක්ෂාවක්ද ලබා ගත හැකි වනු ඇතැයි දකුණු කොරියා ආරක්ෂක බළධාරීන්ගේ අදහසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද උතුරු කොරියාවේ හැකර්ලා රොබෝ පාලනය ඒ පැත්තට ගත්තොත්! (ස)
ලංකාවට ගෙනාව නම් හරි (අ)