දකුණු කොරියානු පොලිසිය එරට බෞද්ධ සිද්ධස්ථානයක් වටලා සිටිම හේතුවෙන් බෞද්ධ භික්ෂූන් හා පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පොලිසිය පවසන්නේ පසුගිය දා කොරියාවේ සෝල් නගරයේ කලහකාරී උද්ඝෝෂණයක් මෙහෙය වූ වෘත්තීය සමිති නායකයකු වන හන් සෑන්ග් ගයුන් අත්අඩංගුවට ගැනීම සදහා විහාරස්ථානය වැටලූ බවයි. සෝල් නුවර පිහිටි ‘‘ජොග්යේ“ නමැති සිද්ධස්ථානයේ ඔහු සැඟව සිටින බව පොලිසිය පවසයි.
සිද්ධස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු නොවන්නැයි භික්ෂූන් වහන්සේලා මීට පෙර පොලිසියට අනතුරු ඇඟවූහ. පොලිසිය මෙලෙස කටයුතු කිරීමෙන් ආගමික අයිතිය උල්ලංඝනය වන බව බෞද්ධ භික්ෂූහු කියති.
වෘත්තිය සමිති නායක හන් සෑන්ග් ගයුන් ආරක්ෂාව සදහා සිද්ධස්ථානයේ රැදී සිටියි.
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරියා පොලිසිය පන්සලක් වටලයි
කැප්පෙටිපොළ Friday, 11 December 2015 05:19 PM
එරටේ මිනිසුන්ට, එරටේ ප්‍රශ්න විසඳගන්න දෙමු. (නි)
චන්දවිමල හිමි Thursday, 10 December 2015 06:33 AM
බෞද්ධ රටක් වූ කොරියාව දැන් එක්තරා ආක්‍රමණශීලි ආගමක් විසින් යට කරගෙන සිටියි. එය කොරියානුවන් තුළ තිබෙන ඇමෙරිකා යටත් විජිත මානසිකත්වය විසින් ගිල ගන්නා ලද්දකි. ගරු කොරියන් ස්වාමින් වහන්සේලාට මෙලෙස කතා කිරීමට හෝ තවමත් ධෛර්ය තිබීම සතුටට කරුණකි. (බ)
ටානියා Thursday, 10 December 2015 12:41 PM
කොරියාව කතෝලික රටක් වේගෙන යනවා (බ)
බණ්ඩාර Thursday, 10 December 2015 07:46 AM
කොරියානුවන්ට නම් එහෙම ඇමරිකන් ගැති මානසිකත්වයක් නෑ. කොරියාව ස්වාධීන රටක්. මෙතැන තියෙන්නේ හැන්ග් සැන්ග් ගයූන් නම් රාජ්‍ය විරෝදී වෘතීය සමිති නායකයෙක් පන්සලක සැගවී සිටීම නිසා හටගත් ගැටුමක්. (ර)
රූපසිංහ Thursday, 10 December 2015 01:58 PM
ස්වාමින් වහන්ස, සුනිමල් සහ ටානියා ඔබ හරි. ඕනෑම රටක ආගම එම රටේ සංස්කෘතියේ පදනම බව කවුරුත් දනී. ඉන් අනතුරුව සංස්කෘතිය වෙනස් වූ පසු වෙනස්වූ සංස්කෘතියේ ඉන්න අයගේ අවශ්‍යතා මත ඇමරිකන් සහ යුරෝපීයන්ගේ නිෂ්පාදන වලට වෙළඳපොළක් නිර්මාණය වන්නේ නිරායාසයෙන්ය. මේ බව එම සංස්කෘතියේ ඉන්න අයට තේරෙන්නේ තවත් බොහෝ කාලයක් ගිය පසුවයි. එවිට ප්‍රමාද වැඩිය. (නි)
සුමාල් පෙරේරා Thursday, 10 December 2015 09:19 AM
කොරියාව බටහිර ආගමක් විසින් ගිලගෙන ඉවරයි. (බ)
නොයෙල් Saturday, 12 December 2015 04:44 AM
මේ ප්‍රතිචාර දක්වන්නේ කට්ට්ය සමීක්ෂණ කරලද? මෙතන ආගම් බේද බටහිර ඇඟිලි ගැසීම් කිසිවක් නැහැ. කෙන්ද කන්ද කරන්න එපා. (නි)
අතුල Thursday, 10 December 2015 04:11 PM
චන්දවිමල කිව්ව දේ හරි (බ)