දකුණු කොරියානු පොලිසිය එරට බෞද්ධ සිද්ධස්ථානයක් වටලා සිටිම හේතුවෙන් බෞද්ධ භික්ෂූන් හා පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පොලිසිය පවසන්නේ පසුගිය දා කොරියාවේ සෝල් නගරයේ කලහකාරී උද්ඝෝෂණයක් මෙහෙය වූ වෘත්තීය සමිති නායකයකු වන හන් සෑන්ග් ගයුන් අත්අඩංගුවට ගැනීම සදහා විහාරස්ථානය වැටලූ බවයි. සෝල් නුවර පිහිටි ‘‘ජොග්යේ“ නමැති සිද්ධස්ථානයේ ඔහු සැඟව සිටින බව පොලිසිය පවසයි.
සිද්ධස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු නොවන්නැයි භික්ෂූන් වහන්සේලා මීට පෙර පොලිසියට අනතුරු ඇඟවූහ. පොලිසිය මෙලෙස කටයුතු කිරීමෙන් ආගමික අයිතිය උල්ලංඝනය වන බව බෞද්ධ භික්ෂූහු කියති.
වෘත්තිය සමිති නායක හන් සෑන්ග් ගයුන් ආරක්ෂාව සදහා සිද්ධස්ථානයේ රැදී සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එරටේ මිනිසුන්ට, එරටේ ප්‍රශ්න විසඳගන්න දෙමු. (නි)
බෞද්ධ රටක් වූ කොරියාව දැන් එක්තරා ආක්‍රමණශීලි ආගමක් විසින් යට කරගෙන සිටියි. එය කොරියානුවන් තුළ තිබෙන ඇමෙරිකා යටත් විජිත මානසිකත්වය විසින් ගිල ගන්නා ලද්දකි. ගරු කොරියන් ස්වාමින් වහන්සේලාට මෙලෙස කතා කිරීමට හෝ තවමත් ධෛර්ය තිබීම සතුටට කරුණකි. (බ)
කොරියාව කතෝලික රටක් වේගෙන යනවා (බ)
කොරියානුවන්ට නම් එහෙම ඇමරිකන් ගැති මානසිකත්වයක් නෑ. කොරියාව ස්වාධීන රටක්. මෙතැන තියෙන්නේ හැන්ග් සැන්ග් ගයූන් නම් රාජ්‍ය විරෝදී වෘතීය සමිති නායකයෙක් පන්සලක සැගවී සිටීම නිසා හටගත් ගැටුමක්. (ර)
ස්වාමින් වහන්ස, සුනිමල් සහ ටානියා ඔබ හරි. ඕනෑම රටක ආගම එම රටේ සංස්කෘතියේ පදනම බව කවුරුත් දනී. ඉන් අනතුරුව සංස්කෘතිය වෙනස් වූ පසු වෙනස්වූ සංස්කෘතියේ ඉන්න අයගේ අවශ්‍යතා මත ඇමරිකන් සහ යුරෝපීයන්ගේ නිෂ්පාදන වලට වෙළඳපොළක් නිර්මාණය වන්නේ නිරායාසයෙන්ය. මේ බව එම සංස්කෘතියේ ඉන්න අයට තේරෙන්නේ තවත් බොහෝ කාලයක් ගිය පසුවයි. එවිට ප්‍රමාද වැඩිය. (නි)
කොරියාව බටහිර ආගමක් විසින් ගිලගෙන ඉවරයි. (බ)
මේ ප්‍රතිචාර දක්වන්නේ කට්ට්ය සමීක්ෂණ කරලද? මෙතන ආගම් බේද බටහිර ඇඟිලි ගැසීම් කිසිවක් නැහැ. කෙන්ද කන්ද කරන්න එපා. (නි)
චන්දවිමල කිව්ව දේ හරි (බ)