
ඇමෙරිකන් බිලියනපති වූ ව්‍යාපාරික, සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඞ් ට වසර 25 ක සිරදඬුවමක් නියම විය. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව්යෝක් අධිකරණය හමුවේ වරදකරු වීමෙනි.
31 හැවිරිදි සෑම් බෑන්ක්මන් ‘ක්‍රිප්ටෝ රජු’ ලෙස ද හැඳින්වෙයි. ‘ක්‍රිප්ටෝ කරන්සි’ ඩිජිටල් මුදල් ගනුදෙනු හරහා සෑම් බෑන්ක්මන් සිය සේවාදායකයන්ගෙන් ඩොලර් බිලියන 8 ක මුදලක් වංචා කළේ යැයි එල්ල වූ චෝදනාවට සෑම් බෑන්ක්මන් වරදකරු විය.
මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් සෑම් බෑන්ක්මන් අත්අඩංගුවට ගැනුණේ පසුගිය 2022 දීය. ඒ සමඟම ඔහුගේ ඩොලර් බිලියන තිස් දෙකක ‘එෆ්.ටී.එක්ස් සමාගම ද බංකොලොත් විය. සෑම් බෑන්ක්මන්, ‘එෆ්.ටී.එක්ස්’ සමාගම ආරම්භ කළේ 2019 වසරේදීය. ‘එෆ්.ටී.එක්ස්’ සමාගම නියාමනයට ලක් නොවුණු බැංකුවක් ලෙස ක්‍රියාත්මක විය.
‘එෆ්.ටී.එක්ස්’ සමාගම, ක්‍රිප්ටෝ මුදල් පමණක් නොව, බිට්කොයින් මුදල් ද ඔවුන්ගේ අරමුදල් යටතේ සුරක්ෂිතව තබා ගත්තේය. මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සිදු වූයේ එම කටයුතුවලට මුවා වෙමින් යැයි විමර්ශනවලදී අනාවරණය විය. ඇමරිකන් ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාවට සම්බන්ධ තැනැත්තා ලෙස ද සෑම් බෑන්ක්මන් සැලකෙයි.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ක්‍රිප්ටෝ රජු’ වසර 25 ක් හිරේ
අරවින්ද මොනරවිල Friday, 29 March 2024 01:21 PM
අපෙත් ඉන්නවා හොර රජ පවුලක් ඒගොල්ලන්ටත් බොහෝම ඉක්මනට සාධාරණය ඉටුවෙයි.
Rohana Friday, 29 March 2024 01:36 PM
ලංකාවේත් තැන්පතු මුවාවෙන් මුදල් වංචාකරුවන් රැසක් පහුගිය කාලයේත් වර්තමානයේත් සිටියා. සමහරුන්ට දැන් නීතිය ක්‍රියාත්මක වෙනවා. සෑම් ඩොලර් බිලියන 8 ක් ලෝකෙටම වංචා කරලා තිබෙනවා. මෙය ලංකාවේ දැනට තියෙන විදේශ සංචිතය වගේ දෙගුණයක්...
chandima Saturday, 30 March 2024 06:16 AM
එයාටත් සිංගප්පූරුවේ මචන් කෙනෙක් උන්නාද?
sam Saturday, 30 March 2024 10:22 AM
ලංකාවේ නම් දේශපාලකයෝ මැදිහත්වෙලා සල්ලි කාරයාව මොන විදිහකට හරි හංගලා බේරගන්නවා. මහබැංකු වංචාවට තවම විසඳුමක් නැහැනේ... හේතුව දේශපාලන සම්බන්ධකම්... ඇමෙරිකාවේ වුණානම් මහ බැංකු හොරුයි, ඔවුන්ට උදව් කළ අයයි මෙලහකටත් හිරේ... ලංකාවේ එහෙම වෙන්නේ නෑ...