
‘කොවිඩ් 19’, ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු ස්වසන මාර්ගය ආශ්‍රිතව ආසාදනය වන වයිරස, මිනිත්තු 10 ක් ඇතුළත පහසුවෙන් සොයාගත හැකි මුහුණු ආවරණයක් (මාස්ක්) නිපදවීමට ඇමෙරිකන් විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී ඇත.
මෙම මුහුණු ආවරණය පැලඳ සිටිද්දී, අවට වාතයේ වයිරස විෂබීජ ඇති නම් මුහුණු ආවරණයේ ඇති සංවේදක හරහා ඒවා හඳුනා ගැනෙයි. මුහුණු ආවරණය විශේෂිත ‘ඇප්’ යෙදුමක් මගින් ස්මාට් ෆෝන් ජංගම දුරකතනය හා සම්බන්ධ වෙයි. වයිරස විෂබීජ ඇති බවට අනතුරු ඇඟවීමක් සිදුවන්නේ ඒ අනුවය.
අති නවීන තාක්ෂණය ද මුසු කරමින් මෙම මුහුණු ආවරණය නිපදවා ඇත්තේ ෂැංග්හායි විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් බව ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd