‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී, සුවය ලබන පුද්ගලයන් තුන්දෙනකුගෙන් එක් අයකු දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටලූවලට මුහුණ දෙන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ ඇමෙරිකාවේ බොස්ටන් නුවර වෛද්‍ය පර්යේෂකයන්ගේ මූලිකත්වයෙනි. ඇමෙරිකාවේ පමණක් නොව, යුරෝපා සහ ආසියානු රටවල වෛද්‍යවරුන් සහ වෛද්‍ය පර්යේෂකයන් ද මෙම අධ්‍යයනයට සම්බන්ධ කරගත් බව පැවැසෙයි.
පසුගිය 2020 මාර්තු මාසයේ සිට මෙම 2021 මාර්තු මාසය තෙක්, කොරෝනා වයිරසය ආසාදනය වූවන් සහ සුවය ලැබූවන්ගේ දත්ත සහ වෛද්‍ය වාර්තා අධ්‍යයනය මෙහිදී සිදුවුණු බව ද බොස්ටන් වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.
ඒ අනුව, වයිරසය ආසාදනය වී සුවය ලැබූ බව පැවැසෙන සෑම තුන්දෙනකුගෙන් එක් කෙනකුම මානසික ආබාධවලටත්, ඉන්ද්‍රියයන් සම්බන්ධ ආබාධවලටත් ලක් වී ඇතැයි අනාවරණය වී තිබේ.
සුවය ලැබූ බොහෝ දෙනාට ඇත්තේ තෙහෙට්ටුවය. එය ප‍්‍රතිශතයක් ලෙස සියයට 53 කි. සියයට 43 කට ශ්වසන අපහසුතා හටගෙන තිබේ.
සියයට 27 ක් හන්දි වේදනාවෙන් ද සියයට 21 ක් පපුවේ වේදනාවෙන් පෙළෙන බව එම අධ්‍යයනයේ සඳහන් වෙයි.
‘කොවිඞ් 19’ වයිරසයෙන් සුවය ලැබූ පුද්ගලයන් මෙසේ රෝගාබාධවලට ගොදුරු වී ඇත්තේ සුවය ලබා දින 60 ක් ගත වෙද්දීය.
පැරිසියේදීය (රොයිටර්)
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2374
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා සුවවන බොහෝ දෙනාට සෞඛ්‍ය ගැටලු