IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කොරෝනා වැළැක්වීමේ එන්නත ජනවාරියේදී ඉන්දියාවට


කොරෝනා වයිරසයෙන් වැළැකීම සඳහා එන්නත් කිරීමේ ක්‍රියාවලිය 2021 වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරන බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පවසති. ඔවුන් පවසන්නේ හදිසි භාවිතය සඳහා මේ වනවිටත් යෝජනා වී ඇති එන්නත් කිහිපයක් සඳහා අවසරය ඉදිරි සතිවලදී ලැබෙනු ඇති බවයි.

ඖෂධ සමාගම් දෙකක එන්නත්, සලකා බැලීම සඳහා ඉදිරිපත් වී ඇති අතර තවත් එන්නත් හයක් විවිධ සායනික පරීක්ෂණ අවධි වල පසුවෙයි. ඇස්ට්‍රාසෙනිකා සමාගම සහ ඉන්දියාව එක්ව නිපදවනු ලැබූ "කොවිශීල්ඩ්" එන්නත සහ බාරත් බයෝටෙක් සමගම, ඉන්දීයානු වෛද්‍ය පර්යේෂණ ආයතනය හා එක්ව නිපදවූ "කොවැක්සීන්" එන්නත මෙලෙස අවසර ලබාගැනීම සඳහා ඉදිරිපත් වී තිබේ. සායනික පරීක්ෂණ මට්ටමේ පවතින එන්නත් හයෙන් හතරක්ම ඉන්දියාවේ නිපදවනු ලැබූ ඒවාය.

ඉන්දීය බලධාරීන් පවසන්නේ එළඹෙන අගෝස්තු මාසය වනවිට මිලියන 300ක පමණ ජනතාවකට එන්නත ලබාදීමට අපේක්ෂා කරන බවයි.

කෙසේවුවද ලොවපුරා මේ වනවිට ජනප්‍රියව ඇති එන්නත් වල මාත්‍රා මිලියන ගනනක් තම රට විසින් ඇණවුම් කර ඇති බවට පලවන වාර්තා සාවද්‍ය බව ඉන්දීය බලධාරීහු පවසති. රටේ පවතින එන්නත් තොගය ප්‍රමාණවත් බවද ඔවුහු සඳහන් කරති. එන්නත් මාත්‍රා මිලියන 65ක් පමණ මාසයකදී නිපදවීමේ හැකියාව ඔවුන් සතු බවද පැවසේ.

ඉන්දියාවේ මේවනවිට කොරෝනා රෝගීන් මිලියන 10කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර මරණ 144,000ක් පමණ සිදුවී තිබේ.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (1)

කොරෝනා වැළැක්වීමේ එන්නත ජනවාරියේදී ඉන්දියාවට

De Friday, 18 December 2020 06:44 AM

අපි හැදුවා එන්නතක් ... ඒ තමයි ධම්මික පැණි කාලිමෑණි එන්නත...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site