IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


කොරෝනා වසංගතය මැද කේරළයේ සීකා

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 'සීකා' වයිරස උණ පැතිර යමින් පවතින බවත්, 'කොවිඩ් 19' වසංගතය මැද 'සීකා' වසංගතයක් නිර්මාණය විය හැකි බවත් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති.

මේවනවිට කේරළයෙන් වාර්තා වී ඇති 'සීකා' රෝගීන් ගණන 14 ක් යැයි කේරළ සෞඛ්‍ය ඇමැති වීනා ජෝර්ජ් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. 'සීකා' රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ ත්‍රිවන්තපුරම් දිස්ත්‍රික්කයෙනි.

'සීකා' යනු ඩෙංගු හා සමාන මදුරුවන්ගෙන් බෝ වන වයිරස රෝගයකි. ගැබිනි කාන්තාවන්ට 'සීකා' ආසාදනය වුවහොත් කුසේ සිටින දරුවන්ගේ මොළය නිසි ලෙස වර්ධනය නොවන බව වෛද්‍යවරු පෙන්වා දෙති. කුඩා දරුවන්ට ඩෙංගුවලටත් වඩා 'සීකා' රෝගය මාරක වෙයි.

මෙම වයිරය පළමුවෙන් හඳුනා ගැනීම සිදුවූයේ උගන්ඩාවේ සීකා වනාන්තරයේ වඳුරන්ගෙනි. ඒ, 1947 දීය. මෙය වෙනස් විදියේ වයිරසයක් බව නිල වශයෙන් තහවුරු කෙරුණේ 1952 දීය.

2017 සිට 2018 කාලයේ, ලතින් ඇමෙරිකාවට අයත් බ්‍රසීලයෙන් සීකා වසංගතයක් නිර්මාණය විය. ඉන්දියාවෙන් මීට පෙර 'සීකා' රෝගීන් වාර්තා වූයේ 2016 සිට 2017 වසරවලදීය. ඒ, ගුජරාටයේ අහ්මදාබාද් නුවර කේන්ද්‍රකොට ගනිමිනි.

(ඉන්දීය පුවත් සේවා)



අදහස් (0)

කොරෝනා වසංගතය මැද කේරළයේ සීකා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site