ඉදිරි මාස කිහිපය ඇතුළත ගෝලීය කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට හැකිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබි්‍රයේසිස් මෙසේ කීවේ ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදීය.
කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකිවනු ඇත්තේ සමව එන්නත් ලොව සෑම රටකටම බෙදා දීමෙන් පමණක් බවත්, එම කටයුතු ක්‍රමාණුකූලව සිදුවිය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කර ඇත.
ගෝලීය උණුසුම පිටුදැකීම වෙනුවෙන් නිරන්තරයෙන් හඬ නගන යොවුන් මානව ක්‍රියාකාරිනියක වන ග්‍රෙටා තන්බර්ග් දැරිය ද මෙම මාධ්‍ය හමුවට එක් වූවාය. ඒ, ස්වීඩනයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රමාණුකූලව බෙදා දීමක් සිදු නොවීම සම්බන්ධයෙන් ග්‍රෙටා ද කනස්සල්ල පළ කළාය.
දුප්පත් රටවල අවදානම් කාණ්ඩවලට ද කොරෝනා එන්නත් නොමැතිව තිබියදී, ධනවත් රටවල් තරුණ තරුණියන් වෙනුවෙන් කොරෝනා එන්නත් ලබාදීමට කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බව ග්‍රෙටා පැවැසුවාය.
ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේතිරසාර ලෙස සමාන අන්දමින් යෙදවිය හැකි නම් කොරෝනා වසංගතය පාලනය කිරීමේ යාන්ත්‍රණයන් තමන් සතු වන බවය.
ජිනීවාහිදීය (රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd