IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


කොරෝනා වලින් මිය ගිය ගණන 2,118 ක් දක්වා ඉහළට

චීනයේ කොරෝනා වෛරස රෝගයෙන් මියගිය සංඛ්‍යාව 2,118ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රෝගීන් 74 , 576ට වෛරසය ආසාදනය වී ඇත.
 කෙසේවුවද චිනය පවසන්නේ අද(20) වනවිට වාර්තා වන රෝගීන්ගේ විශාල අඩුවීමක් පෙන්නුම් කරන බවයි.
 
නව මරණ 114ක් වාර්තා වී ඇති නමුත් චීන සෞඛ්‍ය අංශ පවසන්නේ එය මසකට ආසන්න කාලයක් තුළ දිනකට වාර්තා වූ අඩුම මරණ සංඛ්‍යව බවයි.
 
වුහාන්හි නව ආසාදන 600ක් වාර්තා වි ඇති අතර එය ජනවාරි අග සිට වාර්තා වූ අඩුම අගයයි.දින තුනක් තිස්සේ අඛණ්ඩව මෙම අගය පහල යමින් තිබෙන බව චීන බලධාරීහු පවසති. 
 
හුබෙයිහි මිලියන සංඛ්‍යාත ජනතාවක් නිරෝධායනය කිරීම සහ රටපුරා වෙනත් නගරයන්ට ගමන් කිරීම සීමා කිරීම ඇතුළු දැඩි පාලන ප්‍රයත්නයන් හේතුවෙන් මෙම තත්ත්වට ලඟාවීමට හැකිවූ බව ඔවුහු වැඩිදුරටත් පවසති.
 
 "දැඩි උත්සාහයෙන් පසු තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබේ." යැයි චින විදේශ ඇමති වැන්ග් යී පවසා ඇත. කෙසේවුවද වෛරසය හටගත් බවට විශ්වාස කෙරෙන හුබෙයි පළාත සහ එහි අගනුවර වුහාන් තවමත් වසංගතයෙන් දැඩි ලෙස පීඩා විඳින බව වැන්ග් මහතා පැවසීය.
 
 චීනයේ ප්‍රගතිය සම්බන්දව සැලකිලිමත් වන නමුත් එය තවමත් හැරවුම් ස්ථානයකට පැමිණ නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මේ සම්බන්දව අදහස් දක්වමින් ලෝක සෞඛය සංවිධානයේ කළාපීය අධ්‍යක්ෂ රිචඩ් බෙනන් පවසා සිටියේ චිනය කෙටි කාලයක් තුළ විශාල ප්‍රගතියක් ලබා ඇති නමුත් එය තවම අවසන්වී නැති බවයි.  "ප්‍රවණතා ඉතා දිරිගන්වන සුළුයි. නමුත් අප තවමත් සිටින්නේ හැරවුම් ලක්ෂයේ නොවේ." යැයි ඔහු පවසා ඇත.
 
(ඒඑෆ්පී ඇසුරිණි - 085)
 



අදහස් (1)

කොරෝනා වලින් මිය ගිය ගණන 2,118 ක් දක්වා ඉහළට

Jeevaka Thursday, 20 February 2020 04:25 PM

චීනය කවදාවත් ප්‍රවෘත්ති පාලනය කරන්නේ නොවෙයි. චීනය ප්‍රජාතන්ත්‍ර 100%. හා හා හා හා හා. මගේ බඩත් රිදෙනවා හිනාවෙලාම..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 489 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 321 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site