IMG-LOGO

කොරෝනා වයිරසයේ නව ප්‍රබේධයක් ලන්ඩන්හි පැතිරෙයි

කොරෝනා වයිරසයේ නව ප්‍රබේධයක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය ආශ්‍රිතව සීඝ්‍රයෙන් පැතිරෙන බව වාර්තා වීමත් සමග යුරෝපීය රටවල් කිහිපයක් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන සංචාරකයින්ට සීමා පැනවීමට පියවර ගෙන තිබේ.

ප්‍රංශය කියා සිටියේ බ්‍රිතාන්‍යයෙන් පැමිණෙන සියලුම පුද්ගලයන්ට ඉරිදා රාත්‍රියේ සිට පැය 48ක කාලයක් සඳහා ගොඩබිම්, ගුවන් හෝ මුහුදු මාර්ගයෙන් ගමනාගමනය හා භාණ්ඩ ප්‍රවාහනය තහනම් කරන බවයි.

බෙල්ජියම ද බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් සහ දුම්රිය සඳහා තහනමක් පනවා තිබේ.ජර්මානු රජය පවසා සිටියේ බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන සියලුම ගුවන් ගමන් අද (21) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටවන බවයි.

නෙදර්ලන්තය ඉරිදා (20) සිට බ්‍රිතාන්‍ය මගීන් රැගත් ගුවන් ගමන් තහනම් කර ඇති අතර එම සීමාවන් ජනවාර් පළමුවනදා දක්වා ක්‍රියාත්මක කරන බව පවසා තිබේ.අයර්ලන්තය ද බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ඉතාලි සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පරෙන්සා මහතා පවසා සිටියේ "මෑතකදී ලන්ඩනයෙන් සොයාගත් කොරෝනා වයිරසයේ නව ප්‍රබේධය සම්බන්ද ප්‍රවෘත්තිය අපගේ කනස්සල්ලට කරුණක් වන අතර එය අපගේ විද්‍යාඥයින් විසින් විමර්ශනය කළ යුතුය" යනුවෙනි.

මෑත සතිවල බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහල යෑමට මෙම නව ප්‍රබේධය හේතුවී ඇති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොනිසන් මහතා (19) සෙනසුරාදා ප්‍රකාශකර තිබිණි.

බ්‍රිතාන්‍ය රජය ලන්ඩන් සහ අවට ප්‍රදේශ සඳහා කොරෝනා සීමාවන් දැඩි කළ අතර නත්තල් සමයේ සීමාවන් ලිහිල් කිරීමේ සැලසුම් ද අවලංගු කළේය.ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් මහතා ද සඳහන් කර ඇත්තේ බ්‍රිතාන්‍යයෙන් ලැබෙන වාර්තා ඉතා බැරෑරුම් ලෙස සලකන බවයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

කොරෝනා වයිරසයේ නව ප්‍රබේධයක් ලන්ඩන්හි පැතිරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 96 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 490 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 257 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site