IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කොරෝනා වයිරසයේ නව ප්‍රබේධය යුරෝපය පුරා පැතිරිලා

‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසයේ අලුත් ප්‍රබේධය යුරෝපය පුරා පැතිර ගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ වසංගත විශේෂඥයකු වන මහාචාර්ය නීල් ෆර්ගසන් අනතුරු අඟවයි.

යුරෝපයේ රටවල් බහුතරයකට එසේත් නැතිනම් මුළු මහත් යුරෝපයේම නව ප්‍රබේධය පැතිර ගොස් ඇතැයි ද හෙතෙම කියයි.

අඩු ආසාදිත අනුපාතයක් තිබෙන ඩෙන්මාර්කයෙන් ද මෙම ප්‍රබේධය ආසාදනය වූ ආසාදිතයන් හඳුනාගෙන ඇති බැවින් යුරෝපය පුරා මෙය පැතිර ගොස් ඇති බව තහවුරු කිරීමට කරුණු ඇතැයි ද ඔහු පවසයි.

මේ තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී පාස්කු සමය වනතුරු දැඩි සීමා පැනවීමට සිදුවනු ඇතැයි ද හෙතෙම කියයි.

මහාචාර්ය නීල් ෆර්ගසන් බ්‍රිතාන්‍ය රජයේ ‘කොවිඩ්-19’ උපදේශකයකු ලෙස කටයුතු කළ අතර තම පෙම්වතිය බැලීමට යෑම සඳහා ලොක්ඩවුන් සීමා කඩ කිරීම හේතුවෙන් එම තනතුරෙන් ඉවත් විය. හෙතෙම ලන්ඩන් නුවර පිහිටි ‘ඉම්පීරියල් කොලේජ්’ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකි. මිනිසුන් හා සතුන් අතර බෝවෙන රෝගවල රටා සම්බන්ධයෙන් හෙතෙම විශේෂඥයෙකි. මීට පෙර ලොව ඇති වූ වසංගත තත්ත්ව සම්බන්ධයෙන් ද හෙතෙම පර්යේෂණ රැසක් කරමින් ඒවා පාලනයට දායකත්වය සපයා ඇත.

මේ අතර කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය එක්සත් රාජධානිය පුරා පැතිර ගොස් ඇතැයි ද එරට විද්‍යාඥයෝ අද (23) අනතුරු ඇඟවූහ.

මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී රටටම බල පැවැත්වෙන පරිදි දැඩි සීමා පැනවීමට සිදුවනු ඇතැයි ද බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් (සෞඛ්‍ය ලේකම්) මැට් හැන්කොක් ඊයේ (22) තවත් අනතුරු ඇඟවීමක් කළේය.

(රොයිටර් /ද ගාඩියන් සහ ඩේලිමේල් ඇසුරිනි)

055



අදහස් (1)

කොරෝනා වයිරසයේ නව ප්‍රබේධය යුරෝපය පුරා පැතිරිලා

Damith Thursday, 24 December 2020 06:38 AM

අලුත් වයිරසය තවත් ගේම් එකක්... මෙක තමයි සත්‍යය....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site