කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ වේගය එක්වරම වැඩි වීමත් සමඟ අවදානම් තත්ත්වය ඉහළ දැමීමට දකුණු කොරියානු බලධාරිහු අද (23) පියවර ගත්හ.
ඊට අමතරව ඉතාලිය සහ ඉරානය ද කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා දැඩි පියවර ගත් බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළේය.
දුර්වල සෞඛ්‍ය පද්ධති තිබෙන දකුණු අප්‍රිකානු රටවල ද කොරෝනා වයිරසය පැතිර යෑමේ අවදානමක් මේ වනවිට උද්ගත වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද අනතුරු ඇඟවීය.
නව කොරෝනා වයිරසය ‘කෝවිඩ්-19‘ යනුවෙන් නම් කිරීමට ද ලෝක සෞඛ්‍ය සංවිධානය මේ මස මුලදී පියවර ගත්තේය.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 25කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇත. කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 2,500 කට ආසන්න වී තිබේ.
ජාතික අවදානම් මට්ටම, ඉහළම මට්ටමට ඉහළ දමන බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් අද (23) ප්‍රකාශ කළේය.
දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 556 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව චීනයෙන් පිටත ස්ථානයකින් වැඩිම කොරෝනා ආසාදිතයන් පිළිබඳ වාර්තා වී ඇත්තේ දකුණු කොරියාවෙනි. ජපානයේ නවතා තිබෙන ‘ඩයමන්ඩ් ප්‍රින්සෙස්’ නෞකාවේ සිටින කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 600කි. එම නෞකාව තවමත් නිරෝධායනය කරමින් තිබේ.
‘‘ඉදිරි දින කිහිපය ඉතාම වැදගත්’’ යැයි වයිරසය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළපෙළේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමකින් අනතුරුව දකුණු කොරියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
‘‘විශේෂඥයන්ගේ නිර්දේශ අනුව රජය අවදානම් මට්ටම ඉහළම මට්ටමට ඔසවනවා’’ යැයි ද හෙතෙම කීය. කෙසේ නමුත් ගන්නා පියවර මොනවාදැයි හෙතෙම ප්‍රකාශ නොකළේය.
කොරෝනා වයිරසය මැඬ පැවැත්වීමට මීට පෙර දැඩි පියවර ගෙන තිබුණේ චීනය පමණක් වුවත් ඉතාලිය සහ ඉරානය ද අද පියවර ගත්තේය.
කොරෝනා වයිරසය නිසා චීනයේ නගර රැසකට සීල් තබා තිබෙන අතර ගමනාගමනය ද තහනම් කර ඇත. නගර රැසක් දැවැන්ත නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර ඇත.
ඉතාලියේ ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් වන මිලාන් නගරයට ආසන්න කුඩා නගර කිහිපයක සිටින 50,000කට වැඩි පිරිසකට නිවාසවලට වී සිටින්නැයි ද බලධාරීන් උපදෙස් දී ඇත. එම නගරවල පාසල් සහ කඩ සාප්පුද වසා දමා ඇත.
ඉරානයේ පළාත් 14ක පාසල්, විශ්ව විද්‍යාලය සහ සංස්කෘතික මධ්‍යස්ථාන වසා දැමීමට ද බලධාරීහු අද පියවර ගත්හ.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 04
747
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2403
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1757
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට රටවල් කිහිපයක්ම දැඩි පියවර ගනී