IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ලොවට හෙළි කළ මාධ්‍යවේදිනිය නිදහස්

‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වූ අවස්ථාවේදී, ඒ ගැන ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් සිවු වසරක සිරදඬුවමක් ලබමින් සිටි මාධ්‍යවේදිනී ෂං ෂාන් ට නිදහස හිමිවිය.

මුළු ලොවටම වසංගතයක් වූ ‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වූයේ 2019 නොවැම්බරයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. එදා වූහාන් රෝහල් ආසාදිතයන්ගෙන් පිරී ගොස්, මළසිරුරු ගොඩ ගැසෙද්දී, එම දසුන් රූගත කරමින්, වයිරස ව්‍යාප්තිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට මුලින්ම කටයුතු කළේ ෂං ෂාන් ය.

ජනතාව භීතියට පත් කිරීම සහ සමාජීය නොසන්සුන්තාවක් ඇති කිරීම යන චෝදනා සම්බන්ධයෙන් බලධාරීන් ෂං ෂාන් 2020 වසරේ දී අත්අඩංගුවට ගත් අතර චෝදනාවලට වරදකාරිය වුණු ඇයට සිවු වසරක සිරදඬුවමක් නියම විය. ෂං ෂාන් හිටපු නීතීඥවරියක් ද වන්නීය. සිරගතව සිටි කාලයේ, තම නිදහස වෙනුවෙන් ෂං ෂාන් උපවාසයක ද නියැලුණාය. උපවාසය හේතුවෙන් ෂං ෂාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගිය බව ඇගේ නීතීවරුන් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

කොරෝනා ලොවට හෙළි කළ මාධ්‍යවේදිනිය නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site