කෝවිඩ්  රැල්ලෙන් කෝවිඩ් රෝගය  අසාදනය වූ රෝගීන්ගෙන් අඩකට පමණ දීර්ඝ කාලීනව හෝ ජිවිත කාලයටම බලපාන ලෙස අතුරු ආබාධ ඉතුරු වී ඇතැයි ස්වීඩනයේදී සිදු කල අධ්‍යනයක මුලික අදියරේ දී සොයාගෙන ඇත .

එම රෝගීන්ගෙන්  කොටසකට  දීර්ඝ කාලීනව ගඳ සුවඳ දැනීමේ  හැකියාව නැතිවී තිබෙන අතර අනිත් කොටසට ජිවිත කාලයටම ගඳ සුවද දැනීමේ හැකියාව නැති වී ඇත.

කෝවිඩ් වසංගතය මුල් කාලයේ දී රෝගය සුව වූ පසුවත්  ගඳ සුවද දැනීමේ හැකියාව නැති වීම සහ ගඳ සුවද දැනෙන ආකාරය වෙනස් වීම අසාමාන්‍ය  අතුරු ආබාධ ලෙස ඉතුරු වූ අතර ඉන් බොහෝ දෙනා සාමාන්‍ය තත්වයට පත් වූ අතර කොටසක් මින් දීර්ඝ කාලීනව පීඩා විඳි අතර තවත් කොටසක් පීඩා විඳින ලදී.

මෙම අතුරු අබාධ කෙතරම් පොදු දැයි දැනගැනීම සදහා කැරොලින්ස්කා ආයතනයේ විද්‍යාඥයෝ විසින් ස්වීඩනයේ කෝවිඩ් පළමු රැල්ලෙන් කෝවිඩ් අසාදනය වූ පුද්ගලයන් 100 දෙනෙකු ගෙන පරීක්ෂණයක් සිදු කල අතර එම පරීක්ෂණයේ මුලික අදියරේ අධ්‍යනයන්ගෙන් සොයාගෙන ඇත්තේ කෝවිඩ් රෝගය සුව වී මාස 18 ක් ගත වූ පසුවත් 4% ක ප්‍රමාණයක ට ජීවිත කාලයටම බලපාන පරිදි ගඳ සුවඳ දැනීමේ හැකියාව නැති වී ඇති අතර තවත් කොටසකට ගඳ සුවඳ දැනෙන ප්‍රමාණය අඩු වී ඇති බවය. විශේෂත්වය නම් ගඳ සුවඳ අඩු වූ පුද්ගලයන් ඔවුන්ට එසේ වී ඇති බව දැනගෙන ඇත්තේ මෙම අධ්‍යනයට සහභාගී වූ පසුව වීමය.

ඉන් අනතුරුව විද්‍යාඥයන් විසින්  කෝවිඩ් රෝගය නොවැලදුණු නීරෝගී පුද්ගලයන් කණ්ඩායමක් ගෙන පරීක්ෂණ සිදු කර ඇති අතර එම අධයනයන්ගෙන් සොයාගෙන ඇත්තේ ඉන් අඩකට ගඳ සුවඳ දැනීමේ වෙනස්කම් තිබෙන බවත් ගඳ සුවඳ දැනීමේ විකෘති තා කෝවිඩ් රෝගය පැමිණීමට පෙර සිටම තිබී ඇති බවය.

(විමුක්ති එස්. රුද්‍රිගු)