IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


කොරෝනා යළිත් පැතිරීමෙන් චීනයේ හිබෙයි පළාත අගුලු දමයි

කොරෝනා වයිරසය පාලනය කළ රටක් ලෙස හැඳින්වෙන චීනයේ හිබෙයි පළාත තුළ මේ වනවිට නැවත වරක් වයිරසය පැතිරෙමින් තිබෙන අතර වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අගුලුදමා ඇත. මිලියන 20 කට වැඩි පිරිසක් එම ලොක්ඩවුන් සීමාවලට යටත්ව සිටිති.

මාස අටකට පසු චීනයෙන් ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත මරණයක් අද (14) වාර්තා විය.එම මරණයත් සමඟ චීනයෙන් අද වනවිට වාර්තා වන කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 4,635ක් ලෙස සටහන් විය. කොරෝනා වයිරස ආසාදිත එම මරණය වාර්තා වී ඇත්තේ එරට හිබෙයි පළාතෙනි.

චීනයෙන් අවසන් වරට නව කොරෝනා වයිරස ආසාදිත මරණයක් වාර්තා වූයේ ඉකුත් වසරේ මැයි මාසයේ දීය.
ගෝලීය අර්බුද රැසක් ආරම්භ කළ  වයිරස ගෝලීය වසංගතය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පිරිසක් මේ වනවිට වූහාන් නුවරට පැමිණ සිටිති.

කොරෝනා වයිරසය පිළිබඳ මුලින්ම වාර්තා වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. ඒ 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී. වසරකටත් වැඩි කාලයක් ගත ව තිබුණ ද වයිරසයේ ආරම්භය සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැත.

වයිරසය ආසාදනය වී ඇතැයි මතු වූ සැකයක් හේතුවෙන් චීනය බලා ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමේ දෙදෙනකු සිංගප්පූරුවේ නැවැති ඇති අතර ඉතිරි පිරිස අද වූහාන් නුවරට ළඟා වූහ. මේ වනවිට ඔවුන්, ඔවුන්ගේ සති දෙකක නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමේ පැමිණීම චීනයේ රාජ්‍ය රූපවාහිනි නාලික ඔස්සේ සජීවීව විකාශය කෙරුණි. වයිරසයේ ආරම්භය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම චීනයට පැමිණීම මුල් කරගනිමින් චීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර පසුගිය දිනවලදී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මත ගැටුම් ඇති විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලෝක නායකයන් කිහිපදෙනකු ද වයිරසය සම්බන්ධයෙන් තොරතුරු සැඟවූ බවට චීනයට චෝදනා එල්ල කර ඇත. මේ තත්ත්වය හේතුවෙන් වයිරසයේ ආරම්භය සම්බන්ධයෙන් පූර්ණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නැයි රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයට අවධාරණය කර ඇත.

චීනය මේ වනවිට එරට වයිරස ආසාදිතයන් කාණ්ඩ දෙකක් යටතේ වාර්තා කරයි. එනම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන සහ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන වශයෙනි. ඒ අනුව වයිරස ආසාදිතයන් 138 දෙනකු වාර්තා වූ අතර ඊට අමතරව රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකරන වයිරස ආසාදිතයන් 78 දෙනකු වාර්තා වූ බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම අද (14) නිවේදනය කළේය.


ඉකුත් මාර්තු මාසයෙන් පසු චීනයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ද එය වේ.

චීනයේ චන්ද්‍ර නව වර්ෂ නිවාඩු සමය ඉදිරියේදී ආරම්භ වීමට නියමිත අතර එයත් සමඟ දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වැඩිවීමේ අවදානමක් ද නිර්මාණය වී තිබේ.

චීනයේ චන්ද්‍ර නව වර්ෂය පෙබරවාරි 11 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ඊට පෙර මිලියන 50කට ‘කොවිඩ්-19’ එන්නත ලබාදීමට චීන බලධාරීහු බලාපොරොත්තු වෙති.

 



(ඒ.එෆ්.පී./රොයිටර්)

055 

 



අදහස් (0)

කොරෝනා යළිත් පැතිරීමෙන් චීනයේ හිබෙයි පළාත අගුලු දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site