කොරෝනා වෛරස රෝගයෙන් ඉතාලි ජාතිකයින් දෙදෙනකු මියයෑමත් සමඟ ආසාදන තවදුරටත් ඉහළයෑම නැවැත්වීම සඳහා බලධාරීන් දැඩි පියවර අනුගමනය කරමින් සිටින බව වාර්තා වේ.
නගර 12 කට සංචාරක සීමා පනවා ඇති අතර අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ පවසා ඇත්තේ උතුරේ බලපෑමට ලක්වූ ප්‍රදේශවල ජනතාවට එම ප්‍රදේශ වලින් බැහැර නොයන ලෙසයි.
පාසල් සහ කඩ සාප්පු වසා දමා ඇති අතර ආසාදිතයින් බහුලව හමු වූ ස්ථාන වලට ඇතුල්වන්නන්ට හා පිටවන්නන්ට විශේෂ අවසර ලබා ගතයුතු බව දැනුම් දී තිබේ.
වෙනෙටෝහි 78 හැවිරිදි පුද්ගලයෙකු මියයෑමෙන් දිනකට පසුව 77 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර ඇය උතුරු දිග ලොම්බාඩ්හි කුඩා නගරයක් වන කොඩොග්නෝහි පදිංචිකාරියකි.
මේ වනවිට වෛරස ආසාදිතයන් 79 දෙනෙකු ඉතාලියෙන් හමුවී තිබේ.
මිලාන් හා රෝම නගර වලින්ද රෝගීන් හමුවීම හේතුවෙන් ජනතාව දැඩි ලෙස භීතියට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.
උතුරු ඉතාලියේ සැණකෙළි, සැමරුම්, ක්‍රීඩා ඉසව් වැනි පොදු ක්‍රියාකාරකම් තහනම් කර ඇති අතර 50,000 ක පමණ පිරිසක් හුදකලා කර ඇත.
(ඒඑෆ්පී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කොරෝනා මරණවලින් පසු ඉතාලියේ නගර 12 කට සංචාරක සීමා පනවයි