රටරටවලින් හමුවන කොරෝනා ප්‍රභේද, ග්‍රීක හෝඩියේ අකුරු භාවිතයට ගනිමින් අලුත් ක්‍රමයකට නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත.
අලුත් වයිරස ප්‍රභේද, ඒවා මුල්වරට හඳුනා ගන්නා රටවල නමින් හැඳින්වීම හේතුවෙන්, එම රටට ඇතිවන අපකීර්තිය වැළැක්වීමේ අරමුණින් මෙම නව ක්‍රමවේදය භාවිතයට ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කටයුතු පිළිබඳ ප්‍රධානී මරීයා වොන් කෙර්කෝව් පැහැදිලි කර තිබේ.
මහා බ්‍රිතාන්‍යයෙන්, දකුණු අප්‍රිකාවෙන්, බ්‍රසීලයෙන් සහ ඉන්දියාවෙන් හමුවුණු වයිරස ප්‍රභේද ඉතා බිහිසුණු ප්‍රභේද ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හදුන්වා දී තිබේ. ඇතැම් ප්‍රතිශක්තිකරණ එන්නත්වලට පවා මෙම ප්‍රභේද අඩපණ කළ නොහැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත.
නව ක්‍රමවේදයට අනුව, මහා බ්‍රිතාන්‍යයෙන්, දකුණු අප්‍රිකාවෙන්, බ්‍රසීලයෙන් සහ ඉන්දියාවෙන් හමුවී ඇති විකෘතිවලට පිළිවෙළින් ඇල්ෆා, බේටා, ගැමා සහ ඩෙල්ටා යන ග්‍රීක අක්ෂර යොදා ගැනෙයි.
ජිනීවාහිදීය (රොයිටර්)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
කොරෝනා ප්‍රභේද හඳුන්වන්න ග්‍රීක අකුරු