
බ්‍රසීලයට ආවේණික පොළඟකුගේ විෂවලින් 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කළ හැකි ඔසුවක් නිපදවීමට හැකියාව ඇතැයි බ්‍රසීල පර්යේෂකයෝ පෙන්වා දෙති.
බ්‍රසීල විද්‍යාඥයන් ඔවුන්ගේ මෙම පර්යේෂණ සඳහා යොදා ගෙනඇත්තේ 'ජරාරකුස්සු' නමැති වැලි පොළොං විශේෂයයි. බ්‍රසීලයට ආවෙණික විශාලතම පොළොං විශේෂය මෙයයි.
පොළොං විසෙහි ඇති විශේෂිත අණුවක් වෙන් කර ගනිමින්, ඒවා වඳුරන්ගේ සෛල තුළ වැඩෙන්න සලස්වා ඇති අතර, ඒවාට කොරෝනා වයිරසයේ ප්‍රෝටීන, අඩපණ කිරීමට හැකි යැයි පර්යේෂකයෝ පෙන්වා දෙති.
මෙම පර්යේෂණයට දායක වී ඇත්තේ සාඕ පාවුලෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රෆායෙල් ගුයිඩෝ ඇතුළු වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමය. 'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තිය ආරම්භයේ පටන් සතුන්ගේ විෂ යොදා ගනිමින් එය අඩපණ කිරීමේ ක්‍රමයක් සෙවීමට මූලිකත්වය ගෙන කටයුතු කළ වෛද්‍ය පර්යේෂකයකු ලෙස ගුයිඩෝ සැලකෙයි.
සොයා ගත් නව ක්‍රමවේදය සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ සිදු කරන බවත්, ඉදිරියේ දී පොළොං විෂ යොදා ගනිමින් කොරෝනා අඩපණ කළ හැකි ඔසුවක් නිර්මාණය කිරීම තම අරමුණ බවත්, ගුයිඩෝ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
664
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2332
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා නසන පොළොං විෂ