IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


කොරෝනා ගැන සත්‍ය තොරතුරු වාර්තා කරන බව ඉරානය කියයි

මාරාන්තික කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු වාර්තා කරන බව ඉරාන රජය අද (24) ප්‍රකාශ කළේය.

 

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය මේ වනවිට ඉරානය ද ඇතුළුව රටවල් 30 ගණනකට ව්‍යාප්ත වී තිබේ.

 

කොරෝනා වයිරසයෙන් මියගිය සහ ආසාදනයවූවන් සම්බන්ධයෙන් ඉරානය සත්‍ය තොරතුරු වසන් කරන්නේ යැයි චෝදනා එල්ල වී තිබේ.

 

‘‘කොරෝනා වයිරසයෙන් මියගිය අය පිළිබඳ ලැබෙන තොරතුරු අප ප්‍රකාශ කරනවා. මරණ ගණන හෝ ආසාදිතයන් ගණන සැඟවීමට අවශ්‍ය නැහැ. අපි සත්‍ය ගණන් වාර්තා කරනවා’’ යැයි ඉරාන රජයේ ප්‍රකාශ අලි රබෙයි පැවැසීය.

 

මාධ්‍ය සාකච්ඡාවක් පවසමින් ඔහු ඒ බව සඳහන් කළ අතර එම මාධ්‍ය හමුව රාජ්‍ය රූපවාහිනි නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කෙරුණි.

 

කොරෝනා වයිරසය හේතුවෙන් ඉරානයේ 12 දෙනකු මියගොස් ඇතැයි රජය ප්‍රකාශ කළේය.

 

කෙසේ නමුත් ආණ්ඩුව තොරතුරු වසන් කරන්නේ යැයි ද ඉරානයේ කුම් ශුද්ධ නගරයෙන් පමණක් මරණ 50ක් වාර්තා වී ඇතැයි එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ප්‍රකාශ කළේය.

ආණ්ඩුව සත්‍ය තොරතුරු වසන් කරන්නේ යැයි ද හෙතෙම චෝදනා කළේය.

 

ඒ.එෆ්.පී.

055



අදහස් (0)

කොරෝනා ගැන සත්‍ය තොරතුරු වාර්තා කරන බව ඉරානය කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 489 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 321 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site