හොංකොං හි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ සියලු පාසල් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. රෝගය දේශීයව සම්ප්‍රේෂණ වීම ඉහළ ගොස් ඇතැයි ඔවුහු පවසති.
හොංකොං නාගරික බල ප්‍රදේශයෙන් අද (10) නව ආසාදිතයින් 38 ක් වාර්තා වූ අතර ඊයේ 42 ක් වාර්තා වී තිබිණි.
කොරෝනා ව්‍යාප්ත වීමට පටන්ගත් ජනවාරි මාසයේ සිට මේ දක්වා හොංකොං නගරයෙන් වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1,404 ක් වන අතර රෝගීන් 07දෙනකු මියගොස් තිබේ.
පසුගිය දින කිහිපයේ වාර්තා වූ රෝගීන් අතර සිසුන් සහ දෙමාපියන් කිහිපදෙනකු සිටින බැවින් පාසැල් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන ලේකම් කෙවින් යූං පැවසීය.
නැවතත් මාර්ග ගත ඉගෙනුමට මාරුවීමට සිදුවීම සම්බන්ධව සිසුන් සහ දෙමාපියන් කළකිරීමට පත්ව සිටින බව සඳහන් වේ.
අඩු ආදායම්ලාභී පවුල් බොහොමයක් සිටින බැවින් ඔවුහු මාර්ග ගත ඉගැන්වීමේදී අපහසුතාවයට ලක්වෙති.
කෙසේවුවද නිවාඩුව ආරම්භ වීමට ඇත්තේ සතියක පමණ කාලයක් බැවින් මෙවර අධ්‍යාපනයට එතරම් බලපෑමක් සිදුනොවනු ඇතැයි ද පැවසේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොරෝනා ඉහළ යෑමෙන් හොංකොං හි පාසල් වසා දැමේ