IMG-LOGO

කොරෝනා අසාදිත ගණන මිලියන 40 ඉක්මවයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ නවතම දත්තවලට අනුව ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 40.5 ඉක්මවා ගොස් ඇති අතර, වාර්තා වී ඇති වයිරස ආසාදිත මරණ ගණන මිලියන 1.1 ඉක්මවයි.
 
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ ගණන මිලියන 27.8කි. චීනයෙන් පමණක් අඟහරුවාදා දිනයේදී වයිරස ආසාදිතයන් 11 දෙනකු හඳුනාගත් බව ද එරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
 
එමෙන්ම මේ වනවිට චීනය ද නව කොරෝනා වයිරසය මර්දනය කළ හැකි එන්නතක් සංවර්ධනය කිරීමේ ගෝලීය තරගයට එක්ව සිටින අතර ඔවුන් දැනටමත් එන්නත් හතරක් අත්හදා බලා ඇතැයි වාර්තා වේ. මේ වනවිට එම එන්නත් හතර ජාත්‍යන්තර මට්ටමේ තුන්වැනි අදියරේ සායනික අත්හදා බැලීම් මට්ටමට අවතීර්ණ වී ඇතැයි ද පැවසේ.
 
අදාළ එන්නත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 60,000කට ආසන්න පිරිසකට ලබා දී ඇතැයි ද ඒ කිසිවකු මෙතෙක් කිසිදු අතුරු ආබාධයක් පෙන්වා නැතැයි ද චීන වාර්තා සඳහන් කරයි. ඇමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 220,000 ඉක්මවන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 8.12 ඉක්මවයි. තවමත් ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් සහ මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
 
රුසියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ඊයේ (20) වාර්තා වූ අතර එය 16,319ක් ලෙස දැක්විණි.
මේ වනවිට යුරෝපා තුළ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් නිර්මාණය වෙමින් තිබේ.
 
මේ සති අන්තයේ සිට සති තුනක් සඳහා රාත්‍රී කාලයේදී ඇඳිරි නීතිය පැනවීමට ඉතාලියේ කම්පානියා හි බලධාරීන් තීරණය කර ඇත. ප්‍රාදේශීය බලධාරීන් එම තීරණය ගෙන ඇත්තේ ලොම්බාර්ඩි ප්‍රදේශයට සීමා පනවන්නැයි ආණ්ඩුව කරන ලද ඉල්ලීමක් සලකා බලමිනි. නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලෙන් ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. යුරෝපය තුළ නව කොරෝනා වයිරසයේ පළමු රැල්ල නිර්මාණය වූයේ ද ලොම්බාර්ඩි ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමිනි. ලොම්බාර්ඩි ප්‍රදේශයට සෑම දිනකම රාත්‍රී 11 සිට පසු දා උදෑසන 5 දක්වා රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් තීරණය කර ඇත. හෙට සිට එම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.
 
 
 ඒ.එෆ්.පී./රොයිටර්
 055 



අදහස් (1)

කොරෝනා අසාදිත ගණන මිලියන 40 ඉක්මවයි

rihan Wednesday, 21 October 2020 08:44 AM

කියන්නා කෙසේ කීවත් .... අසන්නා සිහි බුද්ධියෙන් යුතුව ඇසිය යුතුයි. කොරෝනාට මෙතෙක් සොයාගෙන නැත. ඉහළින් සඳහන් වී තියෙනවා මිලියන 40න් මිලියන 28ක් සුවවෙලාලු..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 119 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 385 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site