
දෙමළ, තෙළිගු සහ මලයාලම් සිනමා නිර්මාණ හරහා නිතර දකින්න ලැබෙන සම්මානනීය සුරූපී නිළි කීර්ති සුරේෂ්ගේ විවාහ මංගල උත්සවය පසුගිය දා ඉතාමත්චාම් අයුරින් දකුණු දිග ඉන්දියාවේ ගෝආ ප්‍රාන්තයේ දී පැවැත්විණි.
කීර්තිගේ අත ගත්තේ ඇගේ දීර්ඝ කාලීන පෙම්වතා ඇන්තොනි තාතිල්ය. ඉන්දීය සම්භවයක් ඇති ඩුබායි හි පදිංචි තාතිල් ව්‍යාපාරිකයෙකි. සමාගම් රැසක හිමිකරුවෙකි.
කීර්ති සුරේෂ් උපන්නේ 1992 ඔක්තෝබර් 17 වැනිදාය. ඇය ඩන්දීය ජාතික සිනමා සම්මානය, ‘සීමා’ සම්මානය සහ දකුණු ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මානවලින් පිදුම් ලැබ ඇත. ඇය ඉන්දීය සිනමාවට පිවිසියේ, ‘ගීතාංජලී’ මලයාලම් චිත්‍රපටයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd