පාකිස්තානයේ කරච්චි නුවර සිට ඉන්දියාවට ක්‍රියාත්මක කෙරෙන ගුවන් ගමන් සේවා අත්හිටුවීමට පාකිස්තාන රජය පියවර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාව හා පාකිස්තානය අතර කාශ්මීර අර්බුදය මේ වනවිට උග්‍රවෙමින් පැවතීම ඊට හේතුව විය හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළද පාකිස්තානය කියනුයේ කරච්චි සිට ඉන්දියාවේ දිල්ලි, මුම්බායි දක්වා ගුවන්සේවා ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් තරම් මගීන් සංඛ්‍යාවක් නොමැතිවීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

නමුත් පාකිස්තානයේ ලාහෝර් නුවර සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර දක්වා ක්‍රියාත්මක කැරෙන ගුවන් ගමන් සේවා එලෙසම ක්‍රියාත්මක බවද පාකිස්තානය පවසයි.