
පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන කරච්චියේ නුවර බෝම්බයක් පුපුරා යෑමෙන් චීන ජාතිකයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
මේ බව පාකිස්තානයේ චීන තානාපති කාර්යාලය ද නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර ඇත. බෝම්බය පුපුරුව හරින ලද්දේ එම චීන ජාතිකයන් ගමන් කළ රථය ඉලක්ක කර ගනිමින් යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි.
චීන ජාතිකයන්, කරච්චියේ ජින්නා ගුවන්තොටුපොළෙන් පාකිස්තානයට ඇතුළු වුණු ඉන්ජිනේරුවන් බවත්, ඔවුන් ‘පෝට් කසීම්’ බලශක්ති බලාගාරයේ ඉන්ජිනේරුවන් පිරිසක් බවත් චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වී ඇත.
පිපිරීමට හසුවීමෙන්, චීන ජාතිකයන්ට අමතරව, පාකිස්තාන වැසියන් කීප දෙනකු පිපිරීමට හසුවීමෙන් තුවාල ලබා රෝහල්ගත කෙරුණි. පිපිරීම සිදුවූයේ රාත්‍රී 11 ට පමණ යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත. තුවාල ලැබූ ගණන 10 ක් යැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1516
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
484
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කරච්චියේ පිපිරීමක්