පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන කරච්චි නුවර ‘බොම්බේ බසාර්’ වෙළෙඳපොළ සංකීර්ණයේ ප්‍රබල පිපිරීමක් සිදුවිය. පිපිරීම සිදුවූයේ ඊයේ (16) සවස ය.
පිපිරීමට හසුවීමෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්වුණු අතර, 13 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව වැඩි වීමට ඉඩ ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
පිපිරුමට හසුවීමෙන් වෙළෙඳසැල් රැසක් මුළුමනින්ම විනාශ වී ගොස් ඇති අතර පිපිරුමත් සමඟ හටගත් ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd